Kishore Kumar Hits

Kevin Smokio - Liya Liyaa şarkı sözleri

Sanatçı: Kevin Smokio

albüm: Liya Liyaa


පාරාලා පාවීලා ගිය හීනේ
හැරදා හීනේ මා දමා
පායාලා ඒදෝ රෑ සඳ මාගේ
සැමදා මාගේ වී ඔයා
ලිය ලියා දුන් ආදරේ මා
ඉර ඉරා ඇයි යන්නෙ හැරදා
මගෙ හදවතේ ගිනි අවුලා
ලිය ලියා දුන් ආදරේ මා
ඉර ඉරා ඇයි යන්නෙ හැරදා
මගෙ හදවතේ ගිනි අවුලා
හැමදේම දුන්නා මං ඔයාට කැමති කැමති
හැම වෙලාවෙම ළඟ ඉඳන් දැවටි දැවටි
අපි ගොඩක් දුර ආවා ඒත් නැවති නැවති
මං හිතන්නෙ අපි පටන් ගත්තෙත් වැරදි තැනකින්
මට ඔයා ගාවම ඉන්නයි ඕන වුණේ ඈත් වෙන්න නෙමෙයි
මං ඔයාගේ අතින් අල්ලගත්තේ යන්න දෙන්න නෙමෙයි
කවදාවත් නෑ කඳුළින් නෙත් තෙමෙන්න දෙන්නේ
ඒ හැමදේම වෙලා දැන් මං කිව්වත්, නෑ වෙන්න දෙන්නේ
හිතේ ගිනි තවත් ඇවිලෙනවා මිසක් නෑ නිවෙන්නේ
තේරෙන්නෑ මං කොහොමද ඔයාගේ ආදරෙන් මිදෙන්නේ
ඔය මුහුණ දකිද්දි ආදරේකින් හිත පිරෙන්නේ
ඔයා ගාව වෙන කෙනෙක් ඉද්දි ඒකයි රිදෙන්නේ
ලිය ලියා දුන් ආදරේ මා
ඉර ඉරා ඇයි යන්නේ හැරදා
මගෙ හදවතේ ගිනි අවුලා
ලිය ලියා දුන් ආදරේ මා
ඉර ඉරා ඇයි යන්නේ හැරදා
මගෙ හදවතේ ගිනි අවුලා
ඔව් මට තව පාරක් හිතන්න තිබුණා
මම ගත්ත තීරණේ වැරදියි නිතර හිතුණා
නොදැනුනා වගේ හිටියට මේ හිතත් රිදුණා
අපි දෙන්නා මැව්ව හීන ලෝකේ මං අතින් බිඳුණා
සමාවෙන්න! මං සුදුසු නෑ ඉල්ලන්න සමාව
පසුතැවිල්ලට හේතුවයි පමාව
මං හිතන්නේ මේක වෙන්නැති ආදරේ වේදනාව
හෙමින් හෙමින් මරනවා වගෙයි පාළුව මාව
ගලයි වරදකාරී සිතුවිලි කඳුළු ගංගාවක්
මගෙ ලෝකේ වහගෙන ඉන්නේ අඳුරු වලාවක්
ඔයාගෙයි මගෙයි ආදරෙත් අමුතු කතාවක්
ඒ කතාවට උරුම නැතුව ඇති සතුටු නිමාවක්
පාරාලා පාවීලා ගිය හීනේ
හැරදා හීනේ මා දමා
පායාලා ඒදෝ රෑ සඳ මාගේ
සැමදා මාගේ වී ඔයා
ලිය ලියා දුන් ආදරේ මා
ඉර ඉරා ඇයි යන්නේ හැරදා
මගෙ හදවතේ ගිනි අවුලා
ලිය ලියා දුන් ආදරේ මා
ඉර ඉරා ඇයි යන්නේ හැරදා
මගෙ හදවතේ ගිනි අවුලා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar