Kishore Kumar Hits

Kevin Smokio - Prema Heeya şarkı sözleri

Sanatçı: Kevin Smokio

albüm: Prema Heeya


කියන්න ආදරේද ඕනා
සුරංගනා ලොවින්ම ගේනා
රැඳෙන්න ජීවිතේම මා හා
එවන්න රෝස හාදු සේනා
මල් සරාගෙ ප්රේම හීය මං විදින්න ආවා
මං අනංග බෘංග රාජා
මල් සරාගෙ ප්රේම හීය මං විදින්න ආවා
මං අනංග බෘංග රාජා
මං ආදරේ ගෙනාවා
ශෘංගාර සාගරෙන් තෙමාලා
ආත්ම ගාණක් සංසාරේ ගෙවාලා
දිවිය විඳින්න ඔයා එක්ක දෙපාරක්
විශ්වාස කරන්න එපා මාව
දැනේවි ඔයාට පෙනේවි ඔයාට
ප්රේමේ උන්මාදයෙන් වෙලේවී ඔයාව
ආදර දුමාරයෙන් එතේවී ඔයාව
අකීකරු දෙතොල් හීලෑ නැත්නම්
මං කරන්නම් කීකරු
සමීප වූ කොපුල් මා වත ගෑවෙද්දි
හැඟෙන්නේ වගේ කසී සළු
වශීකරු තෙපුල් මුමුණයි
කතාවක් ඉතාමත් අශීල වූ
ඔයාද ඒ වද මල වන දෙව් දූ බිහි වූ
ආදරේ ඉල්ලන්න සතු කරන්නම් මං
ජීවිතේ ඉල්ලන්න නතු කරන්නම් මං
අවංක ආදරේ වපුරවන්නම් මං
ඔය හිනාවෙන් සතුටක් ලබන්නම්
එළියක් වෙලා ගන අඳුර මකන්නම්
දෙන්නෑ උනන්න කඳුලක් කවදාවත්
මේවා වලංගුයි නොලැබුණත් මටම
ඒ තරම් පිවිතුරුයි හැඟුමන් ගලන
ගෙනාවා හැඟුම් ඉලන්දාරියා
තුරුල් වී ප්රේම ලොවක් මවන්නා
නිදැල්ලේ පවන් රොදක් ලෙසින්නා
ඇතිල්ලී සුපෙම් සුවේ විඳින්නා
මල් සරාගෙ ප්රේම හීය මං විදින්න ආවා
මං අනංග බෘංග රාජා
මල් සරාගෙ ප්රේම හීය මං විදින්න ආවා
මං අනංග බෘංග රාජා
කියන්න ආදරේද ඕනා
සුරංගනා ලොවින්ම ගේනා
රැඳෙන්න ජීවිතේම මා හා
එවන්න රෝස හාදු සේනා
මල් සරාගෙ ප්රේම හීය මං විදින්න ආවා
මං අනංග බෘංග රාජා
මල් සරාගෙ ප්රේම හීය මං විදින්න ආවා
මං අනංග බෘංග රාජා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar