Dilo - Eka Raaka şarkı sözleri
Sanatçı:
Dilo
albüm: Eka Raaka
හීන වල තවත් මම ඇය හා
හිනාහුනා අපි එදා රැය හා
ගියත් ආයෙ එන්නම් කියා මා ලගට
දෙනෙත් අයං තාමත් මම මග බලං පාරේ
හිතක් නෑ දැන් කරන්න ආලෙ මට ආයෙත්
වෙනස් වෙන හිතක් මයි තියෙන්නෙ කෙල්ලෙ මාගෙත්
ඇවිලුනා හැමදේම අපි මැව්ව හීනෙ
කෝ දැන් සුරඟන මගේ ලෝකෙ
රෑක තනියං සුසුමන් වලින් ලිව්ව දේවල් මේ
ඈත ගෙනියන් හිනාවත් අරං සුරඟන ඒ
තාම හිතේ මතක පාරවයි මාව ආයෙත්
ලෝකයක්ම තනියෙන් එනකන් නුඹ ආයේ
එක රෑක එන්න ආයෙත් මා හා
තරු පායා ඇතී ඒ රෑ හා
හිත තාම හද ගාව තනිකම හුරු උනා
මතකයන් එක්ක ඈහා
පෑ හඳ නෑ අද මගෙ අහසේ
හින එක්ක මම පියඹන්නෙ දැන් නිදහසේ
අපෙ හිත් වල තිබ්බ මතක රහසේ
ඇයි ද කඳුලු පුරවලා අඩවන් දෑසේ
හිතක් නෑ දැන් කරන්න ආලෙ මට ආයෙත්
වෙනස් වෙන හිතක් මයි තියෙන්නෙ කෙල්ලෙ මාගෙත්
ඇවිලුනා හැමදේම අපි මැව්ව හීනෙ
කෝ දැන් සුරඟන මගේ ලෝකෙ
පැන යන්නේ ප්රශ්න වලින් මම මගේ ජීවිතෙන්
විඩා නිවා ගත්තේ විස දුමත් එක්ක මීවිතෙන්
නොයෙක් මුසා මවා පාලා සිනාසී දැන් ඒ
යන්නේ මුවන් සඟවාලා
හීන ලෝක වල තාමයි තාමත් මා
පැතුවේ නෑ නුඹ හැර තවත් කාවත් හිතින්නම් මා
විකාරෙන් දැන් වෙන්වුණ දා අපි ලං උනේ දුර
ගෙනියන්න තමයි
විදුවන්දෝ මේ කදුලින් පිරි ජීවිතේ මා
විදවන්නදෝ පෑවේ ආලේ ඔබ මා හා
ළඟ උන්නු කාලේ ගෙවී ඈ
මේ මැදියමේ රෑ, පෙනෙයි රුව ඈ...
හිතක් නෑ දැන් කරන්න ආලෙ මට ආයෙත්
වෙනස් වෙන හිතක් මයි තියෙන්නෙ කෙල්ලෙ මාගෙත්
ඇවිලුනා හැමදේම අපි මැව්ව හීනෙ
කෝ දැන් සුරඟන මගේ ලෝකෙ...
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri