Kishore Kumar Hits

RUDEBOYRAY - GATE ZERO. şarkı sözleri

Sanatçı: RUDEBOYRAY

albüm: TRVCKNVTION.


(Mic check)
ආයුබෝවන්!
මම ශ්රී ලංකා නමට ප්රජාතාන්ත්රික සමාජවාදී
ජනරජයේ සාමාන්ය පුරවැසියෙක්!
උඹලා බලාපොරොත්තුවෙන් උන්නේ මොරාල් බූස්ටින්
මෝටිවේශනල් ස්පීච් එකක් නම්
නෑ මේ එහෙම එකක් නෙවෙයි
මං මේ කථා කරන්නේ මගේ හිත නිදහස් කරගන්න මිසක්
උඹලා ට තියෙන ආදරේකට නෙවෙයි.!
උඹලා අරගල කරන්න හිතුවෙ ඇයි?
System change කරන්න ද?
රට බේරගන්න හිතාගෙන ද?
Peer pressure එකට ද?
ඔය ඕන රෙද්දක්!
හැබැයි මම හිතනවා අරගලය පොදු අරමුණක්
වෙනවත් එක්ක ම ඒක ඊට වඩා පර්සනල් වෙන්නත් ඕන කියලා
මොකද මම හිතනවා ප්රශ්නෙ පර්සනල් වෙන තරම ට
ඒක ට උත්තරේ හොයන්න උඹ desperate වෙනවා නේද කියලා
අරගල කරලා මොකාව එළෙව්වත්
Thinking patterns වෙනස් කරගන්නෙ නැති තාක්
උඹලා බයියො ම තමයි!
ප්රාදේශීය ජන වහර ට අනූව රට
ලෝකය ගැන යාවත්කාලීන දැනුමක් අවබෝධයක්
නැති උන් ට කියන්නෙ බයියො කියලා
අදාල උන් ට ඇප්ලයි කරගන්න
ඇත්ත!!! අපි ට ඉතිහාසයක් සංස්කෘතියක් තියෙනවා
ඒත් ලෝකෙ සුපිරි ම, සුප්රීම් ම එක මේක ම නෙවෙයි
මෙච්චර කෙළවෙලා තියෙද්දිත් ලෝකෙ උතුම් ම රට
මේක කියලා හිතන එක හෙණ cringe මිසක්
දේශානුරාගෙ නෙවෙයි!
පදනමක් නැති හිතළු ඔළුව ට පුරවලා ඒත්තුගන්වලා
ඒවා පත්තියන් වෙලා තියෙන තරම ට අපි ට
ඇත්ත මොකක් ද කියලා අයිඩියා එකක්වත් නෑ
වැඩිහිටියන් ට වැඳපන් කිව්වට මිනිහෙක් ගෙ
පුරවැසි අයිතීන් ට ගරු කරන්නවත් අඩුගාණෙ
මුන් අපි ට උගන්නලා නෑ. හෙළ වෙදකම, දුටුගැමුණු
ගැන මාන්නෙන් කතා කරපන්, අවුලක් නෑ!
හැබැයි ලෝකෙ සොක්රටීස්, ඇරිස්ටෝටල් වගේ ඩයලුත් හිටියා
ඒක නිසා ඔය නළලෙ තියන් ඉන්න තරම් හුත්තක් මේකෙ නෑ!
ඉතිහාසයයි පුරාවෘත්තයි කියන්නේ දෙකක්
කියලා අපි දන්නෙ නෑ, මෙහෙ දෙක ම උගන්නන්නෙ එක ට
නොමිලේ අධ්යාපනය තිබ්බට නිදහස් අධ්යාපනය
කියලා එකක් නෑ, ඒක තියෙන්නෙ නමට
අයිලන්ඩ් රෑන්ක් දැම්මට බලන් ගියාම සංස්කෘතික
හිඟන්නො වැඩියෙන්ම ඉන්නෙ කැම්පස් එකේ
සිස්ටම් චේන්ජ් ලෙප්ට්, උප සංස්කුචියෙ හයිරාකි
උන්ගෙ ප්රගමනය තාම තියෙන්නෙ පැම්පස් එකේ!
උඹලා කවදාහරි ළමයෙක් හැදුවොත් උන්ට හරි උගන්නපල්ලා
සිංහ කොඩිය කරේ දාගෙන උන්නට කොඩිය ට ඌවා වෙන්නෙ නෑ කියලා
කෙල්ලෙක්ගෙ පිටේ ගෑවුණාට සිංහයගේ හිරි ඔතප් බිඳෙන්නෙ නෑ කියලා
මොකද, කොඩිය කරේ දාගෙන ඉන්නවා කියන්නෙ ඒක පුකේ ගහගෙන
ඉන්නවා කියන එක නෙවෙයි නේ. ගැම්ම ට උඩ දාගෙන වන වනා හිටියට
ඕක ප්රින්ට් කරන්නෙත් චීනෙ
ඒක හෙණ ආඩම්බර වෙන්න දේකුත් නෙවෙයි නෙ
ආදරය කරනවා ගෞරව කරනවා කියලා අපේ උන් දන්නෙ දෙකට නැමිලා
දණින් වැටිලා වඳින්නයි තටමගෙන සැලියුට් කරන්නයි විතරක් වුණාට
කිස් එකක් දීලා,තුරුල් කරගෙන, බදාගෙනත් ආදරේ කරන්න පුළුවන් කියලා
ඊළඟ ජෙනරේශන් එකටවත් උගන්නපල්ලා
නෑ-බෑ කියන වචන තමන්ගෙ කටින් පිටවුණා ට පව් පිරෙන්නෑ කියලා
උන්ට උගන්නපල්ලා
මොකාගෙ ආණ්ඩුවක් ආවත් කමක් නෑ!
මිලියන දාහක් වියදම් කරලා හරි
විශේෂ පුහුණුවක් දීලා රාජ්ය සේවකයන් ට පොඩ්ඩක්
හිනාවෙලා කතා කරන්න උගන්නපල්ලා
රටක නීති-රීති, ගොඩනැගිලි විතරක් නෙවෙයි
මිනිස්සුන්ගෙ මයින්ඩ්සෙට් එකත් අප්ඩේට් වෙන්න ඕනා
හැට පැන්නම නාකි මැති-ඇමතිලා ටික විතරක් නෙවෙයි
ඡන්ද දායකයොත් විශ්රාම යන්න ඕනා. මම නම් කියන්නෙ
සර්වජන ඡන්දබලය කියන එකම අහෝසි වෙන්න ඕනා
හැම මිනිහම ඡන්දෙ දාන්න සුදුසු නෑ. ඡන්දෙට කලින්
ඡන්දෙ දාන උන්ට general knowledge test එකක්වත් තියන්න ඕනා
කේප්ප හරක්ගෙ පව් ඉපදෙන්න ඉන්න පොඩි එවුනුත්
ගෙවන එක කිසිම තේරුමක් නෑ
හෙළා දකිනවා, බුද්ධිමත් ජනතාව, සිස්ටම් චේන්ජ්
සිංහල බෞද්ධ, පාස්කු ප්රහාරය
මේවා මේ රටේ පට්ට කැත විධිය ට මිස්යූස් කරපු වචන
අසික්කිත විධිය ට පාවිච්චි කරලා කරලා ම
තුට්ටු දෙකට වැටිලා පටු අරමුණුවල ට විකුණලා ම
Context එක දූෂණය වෙලා මැරුණ
ඒ වචන තමන්ගෙ කටින් වුණත් කියවෙද්දි
පොඩි cringe ගතියක් දැනෙන්නෙ නැද්ද? "අරගලය"
කියන වචනෙත් දැන් එතනට ගිහිල්ලා කියලා හිතෙන්නෙ නැද්ද?!
අරගලය එක්ක මගේ තිබ්බ expectations හරිම සරලයි
ගෙදර ට වෙලා ඉඳගෙන හිටපු පුටුවෙන් නැගිට්ටවලා
උඹලව පාරට ගන්න පුළුවන් වුණ එකම තමයි ජයග්රහණය
ප්රකාශන අයිතියක් කියලා රෙද්දක් අපි හැමෝටම
තියෙනවා ඒ වෙනුවෙන් හිටගන්න ඕනා කියලා
Convince වුණ එකම තමයි ජයග්රහණය
අන්න ඒකට ම තමයි උන් මේ අම්බානක බය
විකුණන-විකිණෙන දේකට වැඩියෙ ආර්ට් කියන්නෙ
දඩ impact එකක් තියෙන statement එකක් කියලා
හැම එකාටම පෙනුන එක තමයි අපි ලබපු ලොකුම ජය
නැතුව වෙන පාරිශුද්ධ ලබ්බක්වත්
බුදු අම්මෝ ලෙවල් එකේ පට්ට pure intention වත් මේකෙ නෑ
කිරිබත් බෙදාගෙන සවානෙ කනවා දකිද්දි ආතල් තමයි
ඒත් ඕක ජෝක් එකක්, උඹලගේ ආතල් කඩනවට සොරි ළමයි!
ඒ සේරම fake, හාමුදුරුවන්ගෙ පුටුව පල්ලියේ
එකාට දුන්න පුටුව ට වඩා මිටියි නම් ඒ ඩ්රාමා එකත් ෆේල්
ඇත්තටම මේ රටේ කිසිම ආගමික, ජනවාර්ගික ප්රශ්නයක් නෑ බං
තියෙන්න විධියකුත් නෑ, ඕක නිර්මිත එකක්
ඒත් උඹලගෙ ඔළුවල උන් අවුලපු ජාතිවාදී ගිනි
නිවන්න එච්චර ලේසියෙන් බෑ බං, ඒක ෆැක්ට් එකක්
ඡන්දයක් ළං වෙනකොට තාමත් බෝම්බයක් පුපුරයි ද
කොටි නැගිටියි ද කියලා හිත ට බයක් දැනෙන්නෙ ඒකයි
මගේ ආගම තමයි ප්රැක්ටිකල් ම අනිත් ඒවා ඔක්කොම
මිත්යාදෘෂ්ටිකයි ඒවා පච කියලා හිතෙන්නෙත් ඒකයි
හිතලා බලපන්,. තම්බියා - දෙමළා කියන වචන පවා
බුකියෙ තරු දාලා ලියන්න වුණ එක ම නෙවෙයි ද ඛේදවාචකය?
Divide & conquer, ආගම කියලා කියන්නෙ ම දේශපාලනය
ඉපදුනාට ජීවත් වුණා මිසක් ජීවිතේ ට ම achieve කරගත්ත
මෙලෝ ලබ්බක් නැති වුණාම පුක කසාගන්න නියපොත්තක් නැතත්
උඹලට තේරුමක් නැතුව ආඩම්බර වෙන්න හරි ඉතුරු වෙන්නෙ
මේ මෙලෝ රහක් නැති ආගම, ජාතිය, සංස්කෘතිය කියන
සුරංගනා කතා ටික විතරක් ම නිසා
ඕනෑ ම ආඩම්බරකමක් කියන්නෙ මෝඩකමක් කියලා
උඹ කිව්ව කථාව ට මම එක හෙළාම එකඟත් ඒකයි "හසා"...!
මං කියන්නේ,. වැඩ කෝටියයි - පඩ සීයයි තිබ්බට කමක් නෑ
මොකද අම්මටසිරි වෙන දාර්ශනිකයොත් ඉඳලා හිටලා පඩිනවා
ඒත් පඩ කෝටියයි - වැඩ සීයයි තිබිලා වැඩක් නෑ
ඊට වැඩියෙ කටයි - පුකයි වහගෙන ඉන්න එක වටිනවා
ඕක ලංකාව ට එනකොට තවත් ලෙවල් එකක් පැනලා ඉවරයි
සංස්කෘතිය 2500යි, හැබැයි ඉතුරු කයියයි - පඩ ගඳයි විතරයි
මේ රටේ වැරදි කතාකරන එක, ගතානුගතික ප්රාථමික
කෑලි ට්රොල් කරන එක දේශද්රෝහීකම නෙවෙයි
උඩින් සරමක්, සිවුරක්, ලෝගුවක් ඇන්දට යටින්
Branded ජොකෙක් ඇඳන් issue කරන සින්තටික්
සිංහලකමේ ජාත්යාල පඩ ටෝක් සේරම හදවතින්
ම දෙන ඒවා ම නෙවෙයි
පොඩි හරි awareness එකක් තියෙන උන් මං මේ කියන දේ දන්නවා
මේකෙ ජීවත්වෙන්න බෑ, පුළුවන් දවසක මාත් මේකෙන් යනවා
හැබැයි කොච්චර කෑ ගැහුවත්, බැන්නත් මේ ලබ්බෙ රට ගැන
හිත ඇතුලේ කියාගන්න බැරි කළකිරීමක්, කැක්කුමක්
මොකක්දෝ කැහිල්ලක් තාමත් ඒ විධිය ට ම තියෙනවා
ඊළඟ සිංදුව ලියවුනෙත් ඒකයි
මට සාපේක්ෂව අරගලයක් කියන්නෙ lifestyle එකක්
උඹේ ඔළුව ට බලෙන් inject කරන ideology වලින් මිදෙන්න
ට්රයි කරන එකත් අරගලයක්. මිනිස්සු තමාව වෙනස්
කරගන්න එක තමයි ලොකුම අරගලය
ඒකයි ඒක පර්සනල් වෙන්න ඕනි. ඒක රැල්ලක්, trend
එකක් නෙවෙයි lifestyle එකක් වෙන්න ඕනි
මොකද, උඹ මැරුනත් lifestyle එකක් මැරෙන්නෙ නෑ
නිකමට හිතපන් මේක multiverse එකක් කියලා
අපි දැන් ඉන්නෙ Sri Lanka 1.0
හැබැයි මේ වගේ ම අරගලයක් වෙලා මේ කථා කරපු
Ideology වලින් reshape වුණ තවත් ලංකාවක්
මේ multiverse එක ඇතුලෙ තිබ්බොත්? Sri Lanka 2.0 එකක්??
Lankaverse එකක්??? උඹලා කැමති නැද්ද එතන හිටගන්න?
උඹව නොතේරෙන උන් අස්සෙ isolate වෙනවට වැඩියෙ
උඹ ට relate වෙන්න පුළුවන් vibe එකකට සෙට් වෙන්න?
අන්න ඒ space එක හදන්න ඕනා අපි, ඒ lifestyle එක හදන්න ඕනා අපි
උඹ ට කැමති නම් උඹ ඉන්න bubble එක ඇතුලේ මැරිලා
දියවෙලා යන්නත් පුළුවන්. ඒත් මං මේ නිකං කියන්නෙ
ලෝකය දකින්න පුළුවන් prospectives ගොඩක් තියෙනවා
ට්රයි කරලා බලන්නත් පුළුවන්!
මේ දේවල් කියවන මට පක්ෂයක්, පාටක්, පිලක් නෑ
මේවා මම කියන්නෙ මට හිතෙන නිසා
මගෙ වචනවල කිසිම ලස්සනක්, තාලයක්, හැඩක් නෑ
ඒ මේක අහන උඹලා මගේ වචන rhyme වෙනවද කියලා
හොයනවට වැඩියෙ දෙයක් හිතන්න ඕන නිසා
ආයෙත් කියනවා,. අරගලයක් කියන්නෙ lifestyle එකක්
උඹ මැරුණත් lifestyle එකක් මැරෙන්නෑ
- රූඩා -

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar