Kishore Kumar Hits

Karunarathna Divulgane - GAMATA KALIN - Live şarkı sözleri

Sanatçı: Karunarathna Divulgane

albüm: Unplugged (Live)


ගමට කලින් හිරු මුළුතැන් ගෙට වඩිනා...
ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා.
ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා...
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා.

රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු
සිත නෑ නිවන් දකින්නේ
රෑ. කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත්
නෙත නෑ නිදි විඳගන්නේ.

හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන
නින්දේ සිහින දකින්නේ.
මහමායාවනි කවදාදෝ ඔය නෙත්
දරු සෙනෙහසින් මිදෙන්නේ.

වෙල් දෙණිවල ඇවිදින දෙපා රිදෙන විට
විහඟ ගීත බණ පද වේවා
බෝ. මළුවක ඇවිලෙන පහන් වැටක් සේ
තුන් සිත නිවී සැදේවා.

මතු උපදින සසරේ විශාකාව වී
මෙත් මග නෙත් හමුවේවා.
ඇත් රැජිණියනේ ඔබෙ නැළවිලි ගීතය
ලොවම නිවන කවියක් වේවා.
ගමට කලින් හිරු මුළුතැන් ගෙට වඩිනා...
ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා.
ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා...

කලා වැවේ නිල් දියවර අපෙ අම්මා.

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar