Kishore Kumar Hits

Tikx Kooda - 47 AK şarkı sözleri

Sanatçı: Tikx Kooda

albüm: Tikx Tapes


මෙන්න හැත්තක්
අරගෙන එක පැත්තං
මට කෙලින්න කැත්තක්
අරං මං කිව්වේ ඇත්තක්
බොලෙට මම පිත්තක්
උඹ මල් කිනිත්තක්
සිත්ගත් තැන රැප් නං
පුරවයි රැපෙං වත්තක්
එන්නේ උඹ රැල පිටිං නං තනිමට
රියල් කවුද කියලා තේරෙයි නේ බං
එනවනං Direct කතා කරන්න කවුරු කවුරුත් එකෙන්ම ගරු සරූ උට නං
අපි කරොත් නෝන්ඩී හැබැයි උං කරොත් ගැම්ම මේක උංට ගිය රට නේ හිනා මට බං
එක තැනක් අල්ලලා මම දෙන්නං පිට රටිං රැප් ගෙන්නං බැරි වෙයි මාව අල්ලන්න නං
කවුද මම අහපං මගෙං කියන්නං මං
ගොඩ ඉඳගෙන මුහුදේ පීනන්නේ නෑඩෝ මං
මගේ රැපට ලෙඩිවී හුදෙකලා කෙරූ ගම්
ලෙඩ ඇඳේත් ලෙඩ්ඩූ මගේ රැප් මුමුනං
මට නොදැනිම ගෙවිලා ගිහිල්ල කල්
අමරයි නයනයි තාම කඩන්නෙ මල්
රැප සිකරට් හැදිලා කැස්ස කක්කල්
දාහතේ මං පතන්නං තොට සුබ නත්තල්
එකතැන මම සෑහෙන කල් උන්නා
මදි නොකියන්න කැපිලිනං මට දුන්නා
කකුලෙං අදින්න සමිති හදාන රටේ ප්රමිතියට කියලා වැඩකුත් කරලා දුන්නා
රෝලිං මං මේකේ
Going bus එකේ
Forty seven AK
බලාගෙනයි මේකේ
දුවන්නේ අත ගාමින් ඇස් පියාන බඩ ගාමින් ඇපත් නැති ජීවිත අසරණයි මුං මහ පාරේ
අඬ ගහල කනට ගහයි දැං
හඬ අහලා රැලම හැංගෙන්ඩ තැං හොයයි දැං
කොල්ලෝ කියපං ඈං වරෙං පිරිවරාන රෑං
ඉන්නේ මගබලං තාමත් මම දවස් ගානක් දැං
කටිං හිටවයි බතල
මම හෙල රැප් පතල
හෙන ඉල්ලන්නෙ මම ලොවෙත් කරන්නෑඩෝ නතර
ලොකු සිංගිති චරිත
මුංගේ වචන හරිත
ගන්න බැරි නිසා මිදි තිත්තයි කිව්වේ බං නරිද
කවුද බං මට උදව් කරේ
එ හයියෙං ගොඩක් දේවල් පහු කරේ
උපං දා ඉඳංම පවු කරේ
මම නෙමේ බං කෙල්ලොනේ මට ලවු කරෙ
(ඩිලා)
අපේ වටේ තද ප්රාන
උඩපනින ගෙම්බගේ විකුර්ති වෙලා ජාන
එලි බැලුවේ නෑ මං අවුලලා අනුංගේ පාන
ගොඩක් අයගේ පහුවෙලා දැං තුම්මාසේ දාන
උඹව දැං පරික්ශනේකට ලක්කරයි
බලාන ඉන්නේ හිතලා එකෙක්වත් මට ලං කරයි
අඳුරගන්න බෑනේ උඹට රායි කොප්පරයි
මාව කපපූ ගොඩක් උං අදිං පස්සේ ගැබ්බරයි
වෙච්ච දේවල් එමටයි මං යන්නෑ පලි ගන්න
බලං ඉන්නේ මමත් අඬවලා පිලිගන්න
බල්ලොන්ට සාලේ නෙමේ බං අයිති පිලිකන්න
දෙපාරක් නෑ එකපාරයි chance එක ගන්න
නාහෙ අඬ අඬ හිටපු උං රැපට ඇදුනේ
රැපට විතරයි ආලෙං මම බැදුනේ
ඉපදුනේ රාගම මාකඳුරෙයි හැදුනේ
ගැහුවා හයේ පාරක් බෝලේ ආවාටෙක රැඳුනේ
ඒයි අල්ලයි මගෙ නැට්ට
කඩං මම දැං ගැට්ට
අපරාදේ උඹත් කර ගැහුවා මුට්ට
අල්ලනෑ කාටත් ගොට්ට
වෙලා රැලම පොට්ට
අනින්නේ පස්සෙං නං පයිං ගහලා දොට්ට
අත් දෙක බැඳං ගැම්මට මුං ඉඳිය
හුරතල් පැංචාට ගෙදරිං නීතිය
ගන්නට කඩ තිබිලා නෑ ඔහේ ප්රීතිය
උඩදාන බත් මුලක් කාලා ගනිං නිදිය
කටිං නෙමේ කොහොමත් ගමං දෝලාවෙං
බාල ගිරි දෝසේ මට හැමදාම
වෙං කරා උන්ටත් කාලයක් මං වෙලාවේං
කයිපුටයෝ ටික පේන මානේ නෑ තාම

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar