බුදුගෙටත්, පිං කැටේකටත් අගුළු දාන්
එරෙහියෝ මෙහෙ කරනවා අතුරුදන්
මිනි පෙට්ටියක් පුරවලා කපුරු දාන්
වැලළුවත් ගඳගහයි තොපේ නපුරුකම්
පොඩි එකා වඩාගන්න රටේ පියා
තව පොඩි එකෙකුට නැති කළා තම පියා
ලසන්ත ගියේ එරෙහි කතු වැකි ලියා
කදිරගාමර් ගිනි අවියකින් තියා
වටින ජීවිත, ලෙයක හිරිකඩ
ප්රනාන්දු එක එල්ලේ කුඩු වුණා සීකඩ
ජනතා වරමෙන් මුඩු වුණු දුපත
රජාගේ අනෙන් මුඩු කුඩු වුණු දුපත
අපේ නොදැනුවත්කම
උන්ගේ දැනුවත්කම
අපි දැනුවත්වම උපයයි වත්කම
මතකයි මට තාමත් ඒ සාම ගිවිසුම්
ඕමන්ත ප්රදාන මාර්ගයේදී පිවිසුම්
දුටුවා සුන් බුන් මන්කඩේදී බිලි වුන්
කොටියා සිංහයාට මැදිවුණු පොඩිඋන්
අසරණයි අපිට වඩා ක්රමය බලවත්
දර්ශනේ විකුණන් කනවනේ භගවත්
ඒ අන්තරේ!
කුප්පියක් දාපන් බොල අදවත්
සහෝදරයෙක් එළියේ කැක්කුමේ අදටත්
රදලයො, ගොවිගම, පට්ටි, කුල බතලයොත්
කරව, සලාගම, දුරව, හේන, මදනයොත්
නවදන්න, වහම්පුර, වෙල්ලදුර භක්තිකයොත්
කින්නර, හුලවාලි, රැඩිකලෙන් කවුරු ගියත්
පාර්ලිමේන්තුව හොරාකන්න කොලොසියමක්
වටේ පොලිසියයක් වාහනේ ලක්ෂ සියයක්
දින 100 සිහියෙන් ගියාවත්ද පැරිසියෙවත්
අධ්යපනේ අද කොලිනීසියයක්
ඔය වැඩිකල් කොලුවා බුදුන් රස්තියාදුවේ
යැව්වා වගේ යවපල්ලා රනිල් රස්තියාදුවේ
රජා රස්තියාදුවේ, හිටං රස්තියාදුවේ
උඹලා අපතයෝ නිසා චේගුවේරා මස්තබාල්දු වේ
මොන ජුලි වුනත් තේරුම් ගනින් ලේ කියා
අවුරුදු ගානක් ඔලුවේ ඉඳං මේ ලේඬියා
මරපු උන්මයි හැදුවේ ඔය චන්ඩියා
අජන්තත් කිව්වා මේ ගොම තැම්බ උන්ගේ ක්ලේ කියා
නැත්තක් තියන් දක්ෂයි (ඇත්තක් හදන්න)
පෙලකට ඕනෙ සීනු (වත්තක් හදන්න)
රිමාන්ඩ් යද්දී වීරයන් (අතක් වනන්න)
වරෙන් යන්න කෝට්ටේ සත්තු (සත්තු වත්තක් බලන්න)
මෙහෙම තියන් බැහැ (රටක් හදන්න)
මෙහෙම තියන් බැහැ (රටක් හදන්න)
මෙහෙම තියන් බැහැ (රටක් හදන්න)
පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න
පැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්න
පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න
පැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්න
පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න
පැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්න
පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න
මෙහෙම තියන් බැහැ රටක් හදන්න
පැත්තක් තියන් බැහැ යකෝ ගැට්ටක් කඩන්න
උඹලා අවුලන ජාතිවාදී ගිනිවල
තනලා ලිපක් උන්ගේ ගෙවල් කිරි උතුරන්
ගනිල්ලා තරබාරු උන්ගේ බඩේ පැතිකඩ
පෙනේවි බට්ටෝ බෝම්බ, ක්ලේමෝ, ගිනි පතුරම්
භාණ්ඩ මත ගැසූ බදු නැති බුලත් විටක් හරි
අදික වියදමක් කරගන්න පිනක් හරි
තියපල්ලා ඔය හෙරොයින් තොගේ උකසට
සමුහ මිනී මන්නාරමේ යටින් ස.තො.ස.ට
පිහියෙන් ඇන්නා යන්න හිටි කෙල්ල අ.පො.ස.ට
ඇයි අම්මේ යන්නේ නැත්තේ මුන් යට ස.තො.ස.ට
උදැල්ලෙන් කැපු කඳු දැන් කපන්නේ ඩෝසරෙන්
මුන් හිරේ ගියත් බාගයක්ම ඉන්නේ රෝහලේ
පෙළා හෙලා දකිනවා වැහි රෝහනේ
රට යන්නේ අවසන් ගමනක් අවරෝහනෙන්
ගෙදර බයේ හැංගෙන්නේ සද්දේ අකුණට
තොපිල ගියා වේද වෙඩි කන්න උතුරට
ඉවසා වදාරන්න බැරි ගඳ මකුණට
ගියා වේද තොපි ගොඩගන්න මිනී දකුණට
අපි පොඩි මිනිස්සු, නෑ තොපී මෝඩයි
අපේ කැලැන්ඩරේ වුණේ උන්ගේ අභියෝගයි
ඒක නිසා බැහැ රටක් හදන්න
පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න
නැත්තක් තියන් දක්ෂයි (ඇත්තක් හදන්න)
පෙලකට ඕනෙ සීනු (වත්තක් හදන්න)
රිමාන්ඩ් යද්දී වීරයන් (අතක් වනන්න)
වරෙන් යන්න කෝට්ටේ සත්තු (සත්තු වත්තක් බලන්න)
මෙහෙම තියන් බැහැ (රටක් හදන්න)
මෙහෙම තියන් බැහැ (රටක් හදන්න)
මෙහෙම තියන් බැහැ (රටක් හදන්න)
පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න
පැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්න
පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න
පැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්න
පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න
පැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්න
පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න
මෙහෙම තියන් බැහැ රටක් හදන්න
පැත්තක් තියන් බැහැ යකෝ ගැට්ටක් කඩන්න
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri