Kishore Kumar Hits

DKM - Ko Adare şarkı sözleri

Sanatçı: DKM

albüm: Ko Adare


කෝ ආදරේ ගහන් ගියා සාගරේ
මිනිසා මිනිසාට ගරහන්නේ කෑදරේ
ජාතිවාදේ පෝසතාගේ පෞද්ගලික කෝන්තරේ
බොරුව තමා විකිනෙන්නේ හෙළුව තමා මෝස්තරේ
මනුස්සකම නැති සංස්කෘතිය බල්ලට
අම්මා මහලු මඩමේ තාත්තා මරලා වැල්ලට
කරන පව් අහගන්න පින් කරයි පෙනුමට
සමාජේ පිරිහිලා සලකන්නේ ඇදුමට
සුදු පරවියෝ ඉගිලෙද්දී අහසේ
රැවටිලා බලන් ඉන්නේ රටම නිදහසේ
රටේ තාරුණ්ය නාස්ති වෙන්නේ රහසේ
කාටවත්ම බෑනේ නවත්වන්න මේ විනාසේ
ඇහැට නොපෙනෙන දෙවියන්ටයි සලකන්නේ
අසරණ දරුවෝ පාරේ බඩගින්නේ
කෙනෙකුට වරදිද්දි අහක බලන් යන්නේ
මට වැටහෙන්නේ නෑනේ කියල දෙන්න දෙවියනේ
රාත්රියේම පිපිලා පරවෙන මල කඩුපුල්
නිධන් හොරු හොයනවා බිලි දෙන්න දරුවෙක් තුන් කුලුදුල්
ලෝකේ දියුණු වෙද්දී මනුස්සකම පිරිහිලා දැන් පිළිකුල් පිළිකුල්
ලෝකේ කැරකේවි
අපි එක තැන හිදී
මිනිසම මිනිසා රවටද්දී
කෝ.? කෝ ආදරේ?
කෝ ආදරේ ප්රශ්නාර්ථ සලකුණ
කෝ කෝ මිනිස්සු බොරුවට රැවටුන
කෙනෙක් නිසා තවත් කෙනෙක් වෙලා අසරණ
මුණ නෙමෙයි හදවතයි වෙන්න ඕනේ ලස්සන
හිතන විදිහ දකින විදිහ
වෙනස් කරමු අපි ගැලපෙන්නේ නැති ඒ සෘතිය
රැල්ලට ගහ මරා ගන්න සංහතිය
දවස් හතෙන් අමතක වෙන අපේ ගතිය
මට තේරුම් ගන්න බෑ මේ ජාතිවාදේ
මනුස්ස ජාතිය දැන්නම් වැටිලා අගාදේ
දූෂණ අපරාද පිරුණු මේ ලෝකේ
සේයා තවමත් අඩනවා ඇති දිව්යලෝකේ
අමානුෂික බලවේග පැතිරිලා
දෙවියන්ට නින්ද යද්දී යක්කු ඉන්නේ ඇහැරිලා
දැනෙනවා කුණු ගන්දස්තාරේ
බලන් ඉන්නේ ලේ බොන්න උන් ලැබෙනකන් වාරේ
ලෝකේ කැරකේවි
අපි එක තැන හිදී
මිනිසම මිනිසා රවටද්දී
කෝ.? කෝ ආදරේ?
එන්නෙත් නෑ මැස්සොනම් මිනිස්සා කැස්සනම්
පිරිස්ස ගැස්සුනා කිනිස්ස බැස්සනම්
ඉරි තලද්දී රටක් හිනැස්සුනා
ගිනි ගොඩක් දැන් එලිත් කරන්නකන්
එන්න මනස රස කරන්නේ සරාගයෙන්
රග කරන්නේ මුලාවේ දර පලන්නේ පරාලේ
පින් පිණිස රට කරන්නේ මරලය
අණ කරන්නේ විධානය ඇට දිරන්නේ වරායේ
නන් අයුරු නන් පෙරටු වැරදු
කන් පැලුණු ඔලු වලං රැවටුණු
හිත කොනක වල් අරටු පැලවු
බොල් මිනිසා රජ වූ ලංකාවේ හැටිලු
අල්ලාගෙන සන්තාපය බැන්නා මගේ යාලු
සෘන්ගාරය දැම්මා අද ඉන්නා කන සාදුයි
ඉරන් නෑ දවන් නෑ මනින් නෑ මගේ හාදු
බලන්නකෝ ආදරේ අහන්නේ ඇයි පාලු
පිස්සන්නට තේරෙන්නේ නැත්තේ ඇයි මේ බෙර වාදනේ
ලිස්සන්නේ මැසි මදුරු පිරි රට කාරණේ
හිස් වෙන්න වෙන්නෑ පරක්කු වෙන්නේ නැනේ මේ කාලනේ
පුප්පන්න යන්නේ මම මලක් කොහෙද ආදරේ
නින්දා ගින්දර මස්සිනා හින්දා පින්කර ඇස්සිනා
කින්දා රන් බෙර කටිනා සිල්බර අදිනා
මල්වර ගතිනා හින්දා මන්දිර මතිනා
වින්දා ගින්දර පට්ටිනා ටින්කර යුද්දෙක පටුනා
රැල්ලට වැදුනා කෝ ආදරේ ඇසුනා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar