Stereomiinds - Digital Premaya şarkı sözleri
Sanatçı:
Stereomiinds
albüm: Digital Premaya
හැඟුම් උතුරන අවකාශේ
මා හද රඟහල් තැනුවා
නුහුරු මානෙක දුටු නුඹගේ
පෙම් දැහැනට සිත බැඳුනා
සිතුසේ පිදෙනා පෙම් වදනින් සිත් යාවුනා
වදනින් සිත් යාවුනා
රිසිසේ ඇඳෙනා පෙම් සිතුවම් හද රැවටුවා
සිතුවම් හද රැවටුවා
මා රහසේ වී හීන මැව්වා
ඔබෙ දෙතොලේ රැඳි ඒ පෙම් මදහස රෑ සිහිනෙන් සෙව්වා
දෙනෙතේ ඇඳි ඒ මායම් රූ
ආලෙන් රහස් කීවා
පැතුමන් අවතැන් වූ මානෙක මා හද පාවුනා (පාවුනා)
♪
මා රහසේ වී හීන මැව්වා
ඔබෙ දෙතොලේ රැඳි ඒ
පෙම් මදහස රෑ සිහිනෙන් සෙව්වා, දෙනෙතේ ඇඳි ඒ මායම් රූ
ආලෙන් රහස් කීවා
පැතුමන් අවතැන් වූ මානෙක හද මංමුලා වූවා
දැවෙන කතරක නෙතු අඳවී
ඔබ පෙවු මීවිත සෙව්වා
හුදකලාවේ මුව ගොලුවී
තනිවී රහසින් හැඩුවා
මහදේ වැයෙනා පෙම් රස ගී හඬ නෑසුනා
ගී හඬ නෑසුනා
දෙතොලේ සිනහා වැල්
ගැලු කඳුලින් සේදුනා
කඳුලින් සේදුනා
♪
මා රහසේ වී හීන මැව්වා
ඔබෙ දෙතොලේ රැඳි ඒ
පෙම් මදහස රෑ සිහිනෙන් සෙව්වා, දෙනෙතේ ඇඳි ඒ මායම් රූ
ආලෙන් රහස් කීවා
පැතුමන් අවතැන් වූ මානෙක මා හද පාවුනා (පාවුනා)
♪
මා රහසේ වී හීන මැව්වා
ඔබෙ දෙතොලේ රැඳි ඒ
පෙම් මදහස රෑ සිහිනෙන් සෙව්වා, දෙනෙතේ ඇඳි ඒ මායම් රූ
ආලෙන් රහස් කීවා
පැතුමන් අවතැන් වූ මානෙක හද මංමුලා වූවා
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri