Stereomiinds - Poda Wassaka Ma şarkı sözleri
Sanatçı:
Stereomiinds
albüm: Poda Wassaka Ma
පොද වැස්සක මා මාවත අග තනි වී
වැහි මන්දාරේ ඔබෙ උණුහුම සොයමී
පිණි සිහිලෙන් නැහැවී ඉඳුසැව් මත පාවී
ඒදෝ මායාවී
මුදු කුසුමක් සේ සෙනෙහේ පිබිදේවී
මද සුළඟක් වී ඔබෙ සුවඳේ පැටලී
මා ඔබටම බැඳෙමී හද ගැස්මක රැඳෙමී
ඔබ මා හිමිකාරී
මේ මග සරනා නිතර නෙත ගැටෙනා
දල්වා හද ආශාඅපි මුණ ගැහුනා
පිනි කැට සැලුනා තුරුලේ වෙලුනා
උණුහුම දැනුනා කාලෙ රස විඳි අගේ
ආලෙක සරි පහසක් මෙමට නෑ පීදෙන්න වැස්ස කාලෙක
වාහිනි තෙමා දෝරේ ගලත් උවන් රෑ මැදියමෙ තාලෙට
සීතලත් උණුහුමම වුනා මෙසා නොමසුරු යාමෙක
මාවතේ නෑ හීන දමා යාවී මා මියැදුනු ගීයෙක
දෑස්වලින් උස්නෙට හාස්කමින් දිස්නෙට
ලාලසින් බෑවුමෙන් බෑවුම යාවිනි
හාවිනි මා මිණි ගී
රොන් තුඩින් මල් නෙක සිප් නොම ගත් මා ලය රොද බැඳි
ආදර ගී තනු පරදා රහසේ ඉගිලී
ඈ මා හා මෙසේ බිඳී පිපි පියුමන් පරවී සැලුනා අමෝදයේ
පොද වැස්සක මා මාවත අග තනි වී
වැහි මන්දාරේ ඔබෙ උණුහුම සොයමී
පිණි සිහිලෙන් නැහැවී ඉඳුසැව් මත පාවී
ඒදෝ මායාවී
රුදු මාරුත ආ මොහොතක පෙම ගිලිහී
සිහිලැල් තවරා ඔබෙ සිත දුර යාවී
අඳුරේ මා පැටලී සුසුමන් හද සිරවී.
ඔබ මා හැර යාවී.
පොද වැස්සක මා මාවත අග තනි වී
වැහි මන්දාරේ ඔබෙ උණුහුම සොයමී
පිණි සිහිලෙන් නැහැවී ඉඳුසැව් මත පාවී
ඒදෝ මායාවී
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri