Stereomiinds - Nile Nadee (VIP Mix) şarkı sözleri
Sanatçı:
Stereomiinds
albüm: Athmaye Ma
ක්ෂිතිජ මායිම් පීරා ගේනා
සුවඳ ඔබගේ වින්දා
දෑත දැවටී උණුහුම් වූ මා
සිහිනයෙන් ළඟ උන්නා
ඈත සයුරේ දෑසේ මානා
ඒවිදෝ හිත කීවා
සීත මෝසම් වර්ෂාවේ මා
තෙමී නොතෙමී උන්නා
මාගේ හෘදේ ආශා පුබුදා
සූර්යයා සේ දිදුලන්නා
වාලුකාවේ ගිනියම් වූ ගත
රෑ පුරා මා සිහිලෙන් දෝවන්නා
සොයා මා එනවාදෝ කුමරා
මගේ ළඟ සැනසෙන්නා
ශෝකයෙන් මේ චන්ද්ර සෝබා
නයිල් නදී ගං හැරයන්නා
ශ්වේත තවරා සේද යහනා
මග බලා කල් ගෙව්වා
බඹරු ඇවිදින් දෑත ඉල්ලා
නුඹ නේන බව කීවා
මැදුරු සීමා පවුරු බිඳලා
එන්නදෝ මා සිතුවා
රොන් නුඹේ වූ කුසුමකි මා
එන්න මා වෙත පියඹා
මාගේ හෘදේ ආශා පුබුදා
සූර්යයා සේ දිදුලන්නා
වාලුකාවේ ගිනියම් වූ ගත
රෑ පුරා මා සිහිලෙන් දෝවන්නා
සොයා මා එනවාදෝ කුමරා
මගේ ළඟ සැනසෙන්නා
ශෝකයෙන් මේ චන්ද්ර සෝබා
නයිල් නදී ගං හැරයන්නා
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri