Kishore Kumar Hits

Freaky Mobbig - 100 BARS şarkı sözleri

Sanatçı: Freaky Mobbig

albüm: 100 BARS


කටු කම්බි, කොළඹ සන්නි, අහලා ඇති කවුද මම
අමුතුවෙන් කියන්න ඕනෙ නෑ මගෙ නම
LWA දකුණු අත, BNA වම් අත
හෑල්ලු කරලා නෑ සෙල්ලම රුපියල මත
හැගීම් වලට නෙමෙයි මොළයටයි කෙරුවෙ මම තට්ටු
ඒ හින්ද කවදාවත් හිනා වුනෙ නෑ මට රට්ටු
කරුණව ඉදිරියේ මෙල්ලයිි පවා තිරිසන් සත්තු
මට්ටු වුන දවසට බැදගෙන ඉන්න වෙයි උබලට පත්තු
පද රචනය බලපං හරිම සරලයි
තිබ්බා මගෙ අතෙත් ඔය කියන පෙත්තයි, කරලයි
මත් උනෙනැ මම ආවෙ හොද සිහියෙන්
හැදුවෙ රාග, ද්වේශ, මෝහ, කෙලෙස් නසන්න මම ගිහියෙන්
බිලිගන්න බලන් ඉන්නෙ මාවත් යක්ශයා
කවුරු කවුරුත් කියයි FJ හරි දක්ශයා
බොරු බටර් එපා මට
නැති කාලෙ කවුද හිටියේ ආචාරය උන් හට
අඩි හය වලක් යට මං මල දවසට
ගොඩක් අය එයි සුදු ඇදගෙන, වැදගෙන හවසට
සමහරු අඩයි ඇත්තට, සමහරු බොරුවට
පැන්නෙ නෑ මං පාරුවෙන්, ඔරුවට
හතර වට හතර කොණ වට කර බැන්දත් වැට
වදුරා යයිද බිමින් උට පැන්නත් හැට
සට පට රට වට ගුටි බැට
මුං බලාපොරොත්තු වෙන්නෙ ඇයි වපුරලා මෑ ඇට
දැකලා දැකලා ඇති බං fantasy ලෝක
රැකලා රැකලා ගයපු දේවල් ගැන නෑ හිතේ ශෝක
මවලා මවලා ඇති මං හීන මොලෙ ගෙවෙන්න ගෙවෙන්න සෛල
අනුන් ගැනම හිතපු හිත ටික ටික වෙලාලු දැන් ශෛල
කෙලවරයිද, හාමාරයිද
වට පිට බල බල ටික ටික වමාරයිද, ජරාවයිද
කුම්බලා කූරි කාපු බළලො විදෝවයිද, දිරෝවයිද
දැන දැනත් සමහරු නොදන්නවා වගෙ පිටිපස්සෙ ඉදගෙන හිත රිදෝවයිද, රිදෝවයිද
නෑ මැරුණු මොළගෙඩි දහසක්
එකතු කරලා කිව්වා මම ප්රසිද්ධ රහසක්
අහසක් යට ඉදන් අහසටම හෙන ඉල්ලන
ගිලෙන්න යන එකාව තවත් තවත් ගිල්ලන
අමුතු සමාජෙ මිනිස්සු වටහ ගන්න බෑ
කොට්ටෙ මාරු කරලා හිසරදේට රට හදන්න බෑ
නවයක් අතට ගත්තත් ලේසියෙන් බිම තියන්න ලේසී නෑ
බාල මහලු කාටත් කියන්නෙ ජීවිතෙ හදන්න පරක්කු නෑ
කලබල නෑ ඉවසන්නෙ කිඹුලා වගේ
ඇහැ ගහං බලන් ඉන්නෙ ගොදුර දිහා මගේ
වෙලාව ආවම බලාගනිං මගෙ රගෙ
එක පාර බෙල්ලට කණ කන්නෑ ඉදන් අගේ
කාලෙ ගෙවෙන්නෙ වේගෙන් අපි ජීවත් වෙන්නෙ හෙමින්
කරපු පව් පින් එලෙසම පලදෙමින්
මනුසතා වස්තු කාසි වලට බැදිලා පෙමින්
දැනගනින් මරණයයි ළගා වෙන්නෙ කෙමින් කෙමින්
මෙතරම් කැටයම් ඇයි මේ දිරන කයට
පව් නොකරයි අපාගත වෙන්න තියෙන බයට
කියන්නෙ අනිත්ය නොදන්න අයට
සින්න වුනෙනෑ මගෙ ආත්මය 6 6 6ට
පාට පාට වෛවාරණ සරුවපිත්තල
දැකලා රැවටිලා තණ්හාව පුරවන් හිත්වල
තාවකාලික සතුට වගෙ නිශ්චල වතුර
ක්ෂණිකව බොද වෙන්නෙ උඩින් අත ඇරියම ගල් පතුර
හතුරටවත් කරලා නෑ මං ද්වේශ
දවසින් දවස මගෙ මිතුරොන්ගෙත් පෙරලනන්නෙ වේශ
ඉපදුනෙ කොළඹ 05 Joseph Fraser
M O double B I G බත්තරමුල්ලෙ වාස දේස
අනුන්ගෙ හීන වෙනුවෙන් මගෙ හීන තිබ්බෙ ගිනි
ඒ හීන වල අලු වලට යටව පණ පිටින් මගෙ Rap වල මළමිනි
කාටවත්ම අකාලෙ දීලා නෑ මං ගිනි
ඒත් ගලන ගගට කවදත් කපන්න යන්නෙ නෑ මම නම් ඉණි
කාටවත් කියන්න යන්නෙ නෑ, මවලා ගොතලා බොරු කතා
පැනලා ගිහිල්ලා කෝ දැන් කවලා පොවලා හදපු සතා
සල්ලි වාසි බලාපොරොත්තුවෙන් වැන්දෙ නෑ මං යකා
බොලාගෙ ඔලුවෙ තියෙන විකාර හොදට හෝදලා දානවා අකාමකා
විනාඩි 3යි තත්පර 13යි
එච්චර වෙලා කියපු දේවල් හිතට ගත්තනම් ඇගට ගුණයි
කුණු යන්නෙ කුණු තියෙන තැනට කාගෙත් කැත්ත ඇදෙන්නෙ සරු කෙහෙල් කැනට
කැපිලි කෙටිලි මග ඇතිරිලි කකුලෙන් ඇදිලි මාව නැවතිලි
ලොවම පැතලි මිනිස් සිතිවිලි තාවකාලිකයි මෙහි පැවිතිලි
මිනිසට මිනිසමයි හතුරු
දැම්මට බාදක අතුරු පිටපත බලාගෙන ලියවුනු ජිවිතේට මොකටද යතුරු
පටන් ගත්තෙ පාරෙන් සෙල්ලම Pacගෙ බාරෙන්
උදුරන් වනසන් විකුණන් කාලා කතාව දැන් නිදහස් ආරෙන්
හොයපං කෞතුකාගාරෙන් උබලා උණ විකාරෙන්
දොඩවන් මුමුණන් ආවත් LWA එන්නෙ ඊළඟ වාරෙන්
බුදුන් හමුවෙ අක්කෝස
බැන වැදුනා මහ මග කිය කිය ඉදන් දෝස
උබලගෙ බොරු ගෝස
ගැරහිලි කරවයි මේ මාව සන්තෝස
හෙරොයින්, මෝර්ෆීන්, LSD, කොකේන්
මොක උනත් ඈත් කරයි බොලාව පියවි ලෝකේන්
හිතපං අම්මා ගැන හිතපං තාත්තා ගැන
කරුමෙට අත ගහන්නෙ ඇයි බං විපාකෙ දැන දැන
සමාජෙ දන්න එකා අයිස් අත ගාන්නැ
කුඩු අත ගාන්නෑ, කාටත් අත පාන්නෑ
බොරුව මවාපාන්නෑ, සිංදුවල රගපාන්නෑ
වරදට අනිත් මිනිහව ඇද දාන්නෑ
වැරදුන දාට අදුරු කුටියකයි උබ තනි වෙන්නෙ
අනුකම්පාවක් දයාවක් නැ කාගෙන්වත් හිමි වෙන්නෙ
සමහරු පෝරකෙන් ජීවිතෙට සමුදෙන්නේ
තවත් පිරිසක් ඇතුලෙ මැරි මැරි ඉපදෙන්නෙ
හිර ගෙදර අපායක් මිහිපිට
ඒනිසා ජීවිතෙ ගෙවපං සිහිපිට
පණ්විඩෙ මුලු ලංකාවට
නැත්තං උබත් බරක් වෙයි විදුලි පංකාවට

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar