තාල දැමු වදන් කුරුටු ගෑ
යටි පෙල කියව ගන්න මුන්ට පුරුදු නෑ
ඉවත් කරන් හිසෙන් පිලුනු දෑ
වපුරන්නෙ තැන මිථ්යාව උදලු ගෑ
මලත් මං වැපුරූ මත ජීවත් වෙයි සදා
යන්නෙ ගමනක් දුර කාටවත් අත නොපා
හඳ එලියයි වලාකුලෙන් මිදුණු දා
රහ වෙන්නෙ මිනිස්සු හැදුවොතින් හැඳි නොගා
ඉදිමුනොතින් හිස ඉක්මවා ධාරිතාව
ගමනාන්තය අසීරු වේ දිවි චාරිකාව
කෙසේ තීරණ ගන්නෙ ඒ දුර තාරකාව
තමාට තමා විතරයි වැදගත්ම කාරණාව
හිතා මතාම සිනාසේ හංඟා වේදනාව
කවන්දයන් අතරින් ගැලවෙයි අවබෝධෙන් මාව
මත ගැටීම් බිඳ වැටීම් අතරින් අනේක වාද
මා තුල දොංකාර දේ පිස්සෙකුගේ විලාප නාද
පාද පත්ම වඳින්න නගියි හති දමාන
ගෞතම තොපෙන් ඉල්ලුවේ නැහැ යකෝ සාදුකාර
හීන ගැට ගැහුවා ගහකට බාර හාර
ඇති දාපන් වෙර එලි වෙනකන් නෑ ප්රාතිහාර
කතිකාව පෙරලන්න ක්රමේ ඇතුලෙන්ම
වේදිකාව තනා මං හමාරයි හෙමින් නැග ගන්න
පීරි ගා මල මොලේ කබල හිස් මතු වෙන්න
ලඟින් ගියත් ඇති මෙි වදන් කන රතු වෙන්න
තාල දැමු වදන් කුරුටු ගෑ
යටි පෙල කියව ගන්න මුන්ට පුරුදු නෑ
ඉවත් කරන් හිසෙන් පිලුනු දෑ
වපුරන්නෙ තැන මිථ්යාව උදලු ගෑ
මලත් මං වැපුරූ මත ජීවත් වෙයි සදා
යන්නෙ ගමනක් දුර කාටවත් අත නොපා
හඳ එලියයි වලාකුලෙන් මිදුණු දා
රහ වෙන්නෙ මිනිස්සු හැදුවොතින් හැඳි නොගා
ලිව්වෙ දකුණෙන් මං චින්තනේ වමත්
ඔය 13 සමත් උන් වත් තේරුම් ගනින් යමක්
ඇයි වදයක් වෙන්නෙ නවකයෙක්ට සරසවියත්
මොනා ගත්තත් ඉගෙන තොපි ජීවිතේ අසමත්
ප්රතිමාව රැක්කා ප්රතිපදාව නැතත්
හැමදාම යැද්දා දෑහට නොදැක්කත්
තාම පැත්තක් ගන්නෙ මෝඩ හැත්තක්
පිරිමැද්දා මොල
අකුරක් ගානේ කිව්වේ මං ඇත්තක්
කියපන් ගුරු ගීතේ මුන්ට අල්තීනායි
ප්රශ්නෙ අද අපෙ මාර සංකීර්ණයි
කොපමණ ඉහිරුනත් බිම රුහිරු
බෑ වෙනස් වෙන්න ක්රමේකට නුහුරු
ලිව්වා මදි තියනවා අදහස් අනන්තයක්
දැන්වත් අහපන් කීදේ මාක්ස්වාදී පිරිස
පිට කරන්නේ මම ධන තරංගයක්
දැම්මා රැප් අහන්න මං වහපන් පිරිත
තාල දැමු වදන් කුරුටු ගෑ
යටි පෙල කියව ගන්න මුන්ට පුරුදු නෑ
ඉවත් කරන් හිසෙන් පිලුනු දෑ
වපුරන්නෙ තැන මිථ්යාව උදලු ගෑ
මලත් මං වැපුරූ මත ජීවත් වෙයි සදා
යන්නෙ ගමනක් දුර කාටවත් අත නොපා
හඳ එලියයි වලාකුලෙන් මිදුණු දා
රහ වෙන්නෙ මිනිස්සු හැදුවොතින් හැඳි නොගා
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri