AMBROZ - Mandakini şarkı sözleri
Sanatçı:
AMBROZ
albüm: Mandakini
මන්දාකිණියක තනිවීලා
නෑ දන්නේ ඔබ කොහෙදෝ... කියා
මා තුරුලෙන් වෙන්වීලා
සැඟවී ඉන්නේ ඇයි දෝ පබා
සිතේ මගේ හැගුම් මවා
නෙතු මානෙන් ඔබ ගියා
ඔබේ දෙනෙත් සොයා මෙමා
ගව් ගණනක් පසු කළා...
තරු වැස්සකට නතු වීලා
ඔබගේ පහස මඟ හැරුණා
මන්දාකිණියක තනිවෙලා
එන තෙක් ඉන්නෙමි මඟ බලා
මඟ පුරා තරු එලූ
මාවත ඔබටයි මා සැදූ
රෑ පුරා මා ගැයු
කඳුළු ගීයක ස්වර තැනූ
ලොව ඔබේ හද මැවූ
වර්ණාවලියකි මා පැතූ
සක්වලේ සිව්කොනේ
සෙවූ ආදරය ඔබ ප්රියේ
පෙර දිනේ
නෙත් පියා
මා දෙතොල්
ස්නෙහේ කළා
රෑ පුරා
තරු කැට කඩා
ගගන මා සැරසුවා...
උණුසුමින් දිදුළනා
ධූමකේතුවක් නම් මෙමා
හද සොයා පැමිණෙනා
සොඳුර මා ඔබෙ පෙම්බරා
සක්වලේ සැරිසරා
ඔබ දෙනෙත් මට හමුවුනා
ඔබ හදේ කවුළුව වසා
මා ඇවිත් ඔබ සැතපුවා
මගේ හැඟුම් ඔබේ සිතේ
මගේ සුසුම් ඔබේ ළයේ.
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri