Rathna Sri Wijesinghe - Seegiri Apsarawa şarkı sözleri
Sanatçı:
Rathna Sri Wijesinghe
albüm: Suwanda Muvarada, Vol. 2
සීගිරි අප්සරාව කැන්දන් එන්නට
මට අම්මෙ අවසර
එන පෝය හඳත් ගමට ඇවිත් යන්නට පළමුව
මට අම්මෙ අවසර
සීගිරි අප්සරාව කැන්දන් එන්නට
මට අම්මෙ අවසර
එන පෝය හඳත් ගමට ඇවිත් යන්නට පළමුව
මට අම්මෙ අවසර
ඈ දෙපැත්තෙන්ම නෑකම් ඇති රාජ වංශයට
මලින් උපන්නා වාගේ පිරිසිදු කන්යාවිය
පුළුලුකුළ සිහින් ඉඟ සඳවත සැබෑම දෙවඟන
සීගිරි අප්සරාව කැන්දන් එන්නට
මට අම්මෙ අවසර
එන පෝය හඳත් ගමට ඇවිත් යන්නට පළමුව
මට අම්මෙ අවසර
ආලකමන්දා දෝණියන්ට කොහින්ද අග හිඟ
කලා වැවයි තිසා වැවයි ඇති දෑවැද්දට
සක්සියක් කවින් ඇවිත් කියයි ආසිරි මංගල
සීගිරි අප්සරාව කැන්දන් එන්නට
මට අම්මෙ අවසර
එන පෝය හඳත් ගමට ඇවිත් යන්නට පළමුව
මට අම්මෙ අවසර
එන පෝය හඳත් ගමට ඇවිත් යන්නට පළමුව
මට අම්මෙ අවසර
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri