Rathna Sri Wijesinghe - Bim Thamburu Mala şarkı sözleri
Sanatçı:
Rathna Sri Wijesinghe
albüm: Suwanda Muvarada, Vol. 2
බිම් තඹුරු මලයි ඔබ මල් නැති
සුදු වැලි යහනේ
බිම් පලස පුරා පිනි ඉහිරෙන
රෑ ගිම්හානේ
බිම් තඹුරු මලයි ඔබ මල් නැති
සුදු වැලි යහනේ
බිම් පලස පුරා පිනි ඉහිරෙන
රෑ ගිම්හානේ
මල් බඹර රෑන් යන්න ගිහින් දුර ආකාසේ
මල් පඳුරු වලට කටු විතරයි උඳුවප් මාසේ
ඇයි ඔබ පිපුණේ මගේ තනියට
රෑ හොර රහසේ
බිම් තඹුරු මලයි ඔබ මල් නැති
සුදු වැලි යහනේ
බිම් පලස පුරා පිනි ඉහිරෙන
රෑ ගිම්හානේ
බිම් තඹුරු මලයි ඔබ මල් නැති
සුදු වැලි යහනේ
බිම් පලස පුරා පිනි ඉහිරෙන
රෑ ගිම්හානේ
ඔබ පිපී ඉන්නවානම් නොනිදා හඳපානේ
හඳ එළිය වුණත් ලං නොවේවි වෙනදා වාගේ
මට ඔබ විතරයි රෑ එළිවනතුරු එක හීනේ
බිම් තඹුරු මලයි ඔබ මල් නැති
සුදු වැලි යහනේ
බිම් පලස පුරා පිනි ඉහිරෙන
රෑ ගිම්හානේ
බිම් තඹුරු මලයි ඔබ මල් නැති
සුදු වැලි යහනේ
බිම් පලස පුරා පිනි ඉහිරෙන
රෑ ගිම්හානේ
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri