Kishore Kumar Hits

jtsp boy - Lassana Malak şarkı sözleri

Sanatçı: jtsp boy

albüm: Lassana Malak


මාගේ මුවේ තිබුණු සිනා මියැදිලා
ඔබගේ ආදරේ
මතකයන් මේ හිත පාරනා
මාගේ මුවේ තිබුණු සිනා මියැදිලා
ඔබගේ ආදරේ
මතකයන් මේ හිත පාරනා
ලස්සන මලක් නුඹ කැලෑවක පිපුණු
අපේ ආදර කතාව
සැනකින් උනා සුනුවිසුනු
හදපුරා ඇත්තේ
රූපෙමයි නුඹේ ඇදුනු
ඒ හදන්න බෑ ආයේ කාටත්
හිත මගෙ කැඩුණු
තාමත් කාවත් ගාව ගත්තේ නෑ
වෙලාන තනිකමක්
නුඹ දෙද්දී ආලේ
මම හෙව්වේ නෑ මට මදි කමක්
නුඹ නැති උනත් ඕන වෙන්නෑ
මට මදුවිතක්
නුඹේ බොරු ආලේ බින්දා
අසරණ පොඩි හිතක්
සතුටින් ගලන් යනවා මගේ ඔරුව
හමු නොවුනා නම් මට
නුඹ තනි තරුව
සිතෙම වේදනා යටි සිතින්ම (හිතින්ම) මැරුව
තාමත් මතකයි නුඹ ලගින් නිදි වරුව
තනියම ගමනක මගේ සිත තනියම
ඇහැරුනා අලුයම අතරමං සිතුවිලි මැද
පිච්චෙන මතකත් තාමත්
සිත යට ගිනියම
වෙන් වෙන්නටයි ඈ
මෙතරම් වෙන්නේ තදියම
මාගේ මුවේ තිබුණු සිනා මියැදිලා
ඔබගේ ආදරේ
මතකයන් මේ හිත පාරනා
මාගේ මුවේ තිබුණු සිනා මියැදිලා
ඔබගේ ආදරේ
මතකයන් මේ හිත පාරනා
දෙනවද ආයේ මට සොරාගත්
සතුට මගේ
නොතෙරුනේ ඇයිද
හද පුරා කල ආලේ අගේ
එලිය වැටුණු පැත්ත
විතරයි දැක්කේ මං සඳේ
අන්තිමේදී
වැරදි ගොඩක් පැටවුණා පැත්තට මගේ
ලතැවී පලක් නෑ මං
මං ඉන්නම් සිනාසී
ඒත් හිත මගේ කාටත්
හොරැහින් අඩා වි
ලිව්ව පොතත් අවසානෙට
පෙර නිමාවී
මතකයන් හැම විට
මගෙ හිත පාරාවී
නෑ මේ හිතෙනම් කිසි අහිතක්
දෙන්නෑ වැටෙන්න නෙතින්
මගෙ එක කඳුලක්
බොරු ආලේකට මම රැවටුණු තරමක්
නුඹ නැතුව දැන් ඉන්න
හැකි ඕනේ දවසක්

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar