Kishore Kumar Hits

Prasanga Thissera - Wasanthiye şarkı sözleri

Sanatçı: Prasanga Thissera

albüm: Divyanganawee


වසන්තියේ කෝ ඔබේ සිනා
මගේ හදවත පාරයි ඔබේ කතා
බතත් ඉදී ලිප නිවී ගියා
මට ඉන්න තවත් බෑ තරහ වෙලා

වසන්තියේ කෝ ඔබේ සිනා
මගේ හදවත පාරයි ඔබේ කතා
බතත් ඉදී ලිප නිවී ගියා
මට ඉන්න තවත් බෑ තරහ වෙලා
සුදු මැණිකේ මගේ රත්තරන්
මට රිදවූවා මදි දෝ ඉතින්

පොඩි පොඩි දේටත් හිත රිද්දාගෙන රණ්ඩු ම අල්ලන්නේ
මගේ ඉවසීමෙත් සීමා නැති වෙන්නේ
නිතරම කියවන මගෙ පණ නිහඬව හිටියම ගේ පාළුයි
බැනුමක් ඇහුවත් එය මට සැනසීමයි
මං පැරදිලා ඉන්නම් ඉතින්
තරහා වෙන්න බෑ ආයේ නම්
වසන්තියේ කෝ ඔබේ සිනා
මගේ හදවත පාරයි ඔබේ කතා
බතත් ඉදී ලිප නිවී ගියා
මට ඉන්න තවත් බෑ තරහ වෙලා
සුදු මැණිකේ මගේ රත්තරන්
මට රිදවූවා මදි දෝ ඉතින්

හිතුවක්කාරෙට කළ කී දේකට ඉඳහිට සැර වූවත්
නොකා නොබී මං ඒ ගැන දුක් වෙන්නේ
ඉස්සර වාගේ ආදරෙ නෑ දැන් කියලා ඔබ කීවත්
මගෙ ආදරෙ හැටි මං විතරයි දන්නේ
පණ වගේ තාම මං ආදරෙයි
වෙනසක් නෑ එදා වාගෙමයි
වසන්තියේ කෝ ඔබේ සිනා
මගේ හදවත පාරයි ඔබේ කතා
බතත් ඉදී ලිප නිවී ගියා
මට ඉන්න තවත් බෑ තරහ වෙලා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar