Prasanga Thissera - Madhu Witha şarkı sözleri
Sanatçı:
Prasanga Thissera
albüm: Divyanganawee
මධුවිත දෙතොලෙහි රඳන්නේ
ඔබ රෑ සිහිනෙන් දෝ රඟන්නේ
ලා නිල් වන් දෙනුවන් සලන්නේ
මට ආදරෙයි දෝ කියන්නේ
නළලට දෙතොල තියා
හාදුවකින් තෙරපා
හැඟුමන් අවදි වෙලා
සිත පිරිලා
පෙම් රස හදවත විඳින්නේ
මේ ජීවිතයයි මට දැනෙන්නේ
හද සිතුවිලි සලිතව වයන්නේ
රස පෙම් ගීයක් දෝ ගයන්නේ
♪
පෙම් ගඟ උතුරා ගලන්නේ
සඳ රැස් මාලාවෙන් පෙනෙන්නේ
රෑ තනිකම හිමිහිට මකන්නේ
ඔබ සෙවනැල්ලක් වී සරන්නේ
හදවත මත තියලා
සෙනෙහස පුද කරලා
ඇසිපිය යට නිදනා
ඔබ සනසා
පෙම් රස හදවත විඳින්නේ
මේ ජීවිතයයි මට දැනෙන්නේ
හද සිතුවිලි සලිතව වයන්නේ
රස පෙම් ගීයක් දෝ ගයන්නේ
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri