Lashan Herath - Hith Ochcham şarkı sözleri
Sanatçı:
Lashan Herath
albüm: Hith Ochcham
හිත් ඔච්චම් කරවන නෙත් මෙතරම් උහුලන්නද මං තවත්
මගෙ ලොව යලි නොනිමෙන සේ නුඹේ හිත ළඟ තනිවෙනාකන්
එක බැල්මෙන් නැළවෙමි නුඹ ගාවින් ඉඩ ගන්නද මං තවත්
නුඹ ළඟ මා සැනසෙන සේ නුඹේ නෙතු දැක හිනහෙනාකන්
නුඹ එක්ක මා ඉන්නම්
නුඹේ රහස ම වෙන්නම්
මගෙ රහස නුඹ හට මං මුමුනන්නම්
මගෙ සතුට නුඹ වේ නම්
මගෙ රහසින් සැනහේනම්
මගෙ ආලේ නුඹ ළඟ මං අයදින්නම්
ඇහිපිල්ලම් ගැස්සෙන තාලෙට මන්දාරම් වැහි වැටෙන වෙලාවට
තරු අතරින් අහස බලාගෙන නුඹේ රුව හෙව්වා මම හැම රෑකම
සිත්තම් කළේ නුඹේ ආදරේ
ඇවිදන් යමි නුඹ හා හා හා හා
නුඹ එක්ක මා ඉන්නම්
නුඹේ රහස ම වෙන්නම්
මගෙ රහස නුඹ හට මං මුමුනන්නම්
මගෙ සතුට නුඹ වේ නම්
මගෙ රහසින් සැනහේනම්
මගෙ ආලේ නුඹ ළඟ මං අයදින්නම්
හිත් ඔච්චම් කරවන නෙත් මෙතරම් උහුලන්නද මං තවත්
මගෙ ලොව යලි නොනිමෙන සේ නුඹේ හිත ළඟ තනිවෙනාකන්
එක බැල්මෙන් නැළවෙමි නුඹ ගාවින් ඉඩ ගන්නද මං තවත්
නුඹ ළඟ මා සැනසෙන සේ නුඹේ නෙතු දැක හිනහෙනාකන්
නුඹ එක්ක මා ඉන්නම්
නුඹේ රහස ම වෙන්නම්
මගෙ රහස නුඹ හට මං මුමුනන්නම්
මගෙ සතුට නුඹ වේ නම්
මගෙ රහසින් සැනහේනම්
මගෙ ආලේ නුඹ ළඟ මං අයදින්නම්
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri