Methun SK - Mathaka Pusthakale şarkı sözleri
Sanatçı:
Methun SK
albüm: Mathaka Pusthakale
මතක පුස්තකාලේ සැරිසරන්න ආවෙ...
මතක පුස්තකාලේ කියවන්න ආවෙ...
ඔබට ගීතයක් ලියන්න හේතු කරුණු රැස් කරන්න
ඔබ මා ළඟින් ඉඳීද නැද්ද දන්නෙ නෑ කියන්න.
මගේ මතක පුස්තකාලයේ
ඔබ සොයන්න ආවෙ...
කතා පොත් පිරෙන්න රචිත මතක පද ගයන්න
මා එක්ක එන්න වේදිකාවෙ ඈදිගන්න
සමුදීමේ වතාවත් පුරන්න පෙර වතාවක් අහන් ඉන්න එනවාද ගීතවත් කතාවක්
එ ආලෙ වර්ණවත්ම කාලෙ යායෙ මල් පිපිච්ච වාගෙ
ප්රාර්ථනා එකතු කරපු මතක පුස්තකාලෙ
ඔබ සොයන්න ආවෙ
වැලලී ගියපු ආදරයට ස්මාරකයක් වෙන්න
මාත් එක්ක එන්න අනුස්මර්ණයක් කරන්න
සමුගැනීමේ කතාවක් නොකියා ගියත් වතාවක් සවන් දෙන්න එනවාද මතක වර්ණනාවක්
ඒ ආලෙ කල් දමාපු කාලෙ යායෙ වල් වැදිච්ච වාගෙ
ගායනා කරන්නෙමි මේ ගීය වේදිකාවේ...
මාගෙ ප්රේක්ශකාගාරෙ හිස් ආසනයක් ඇත්තේ
ඒ ඔබෙ නමටයි සොඳුරෙ ඇවිද ඈඳිගන්න සිතුසේ
මගේ... මතක පුස්තකාලයේ.
ඔබ සොයන්න ආවෙ...
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri