La Signore - Sudu Gawuma şarkı sözleri
Sanatçı:
La Signore
albüm: Gold
සුදු ගවුමෙ ඇයි මඩ ගෑවුනේ
දැන්නම් ඉතින් ගෙදරින් බනී නංගෝ
බොර ගං දියේ මල් යයි ඇදී
අයියේ මගේ ගන්නයි ගියේ මා
ගං දෑල නං නපුරුයි වගේ
නාඩන් නගේ මං දැන් ළඟින් ඉන්නේ
අයියා මගේ කවදත් හොඳයි
සැමදා ළඟින් ඉන්නේ මගේ පණ සේ
♪
පුන් පෝදා සෑ මළුවේ
මට පිටුපා ඔබ උන්නේ
සිටියා බලා ඔබ හිනැහෙයි කියා
දුටුවේ නෑ පියමං කලා
සඳ එළියේම නොපෙනී ගියා
සුදු ගවුමෙ ඇයි මඩ ගෑවුනේ
දැන්නම් ඉතින් ගෙදරින් බනී නංගෝ
බොර ගං දියේ මල් යයි ඇදී
අයියේ මගේ ගන්නයි ගියේ මා
♪
අප්පච්චි ළඟ උන්නා
නැද්දෝ අයියා දුටුවේ
හිනැහෙමි කියා මා සිතුවත් හොරෙන්
දුක ඉවසාන පිටුපා ගියා
ඒ දුක් ගින්න හදෙහී දරා
සුදු ගවුමෙ ඇයි මඩ ගෑවුනේ
දැන්නම් ඉතින් ගෙදරින් බනී නංගෝ
බොර ගං දියේ මල් යයි ඇදී
අයියේ මගේ ගන්නයි ගියේ මා
ගං දෑල නං නපුරුයි වගේ
නාඩන් නගේ මං දැන් ළඟින් ඉන්නේ
අයියා මගේ කවදත් හොඳයි
සැමදා ළඟින් ඉන්නේ මගේ පණ සේ
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri