Jaya Sri - Pita Rata Vistara şarkı sözleri
Sanatçı:
Jaya Sri
albüm: Samaya (Peace)
පිටරට විස්තර මෙව්වා
අහගෙන ඉන්න ඔයාලා
දෙවරක් හිතලා බලලා
යන්නලා හිතලා ඔහෙලා
♪
ගමේ තියන ඉඩම්, ගෙවල් උගස් තියලා
යන්න හදවා පිටරට මිල්ල සොයලා
සිලිං, පවුම්, ඩෙලර්, යුරෝ වලට රැවටිලා
දිවි දෙනවනේ කන්ටේනර් ඇතුලට වීලා
බෝට්ටු වල මුහුද මැද්දේ මරුවා සමග පොර
කඳු, පල්ලම්, කැළෑ මැදින් ගමන භයංකර
වටීද ජීවිතේ එක්ක කරනා සෙල්ලම
මඟ මැරුණම වග කියන්නේ කවුද කියන් සඳ
පිටරට විස්තර මෙව්වා
අහගෙන ඉන්න ඔයාලා
දෙවරක් හිතලා බලලා
යන්නලා හිතලා ඔහෙලා
♪
ගෙදර, ටවුමේ, හංදි ගානේ රවුම් ගහන සැප
ගන්නට බැහැ මෙහේ ආවොත් ආතල් හැම විට
ජීවිතේ ලස්සන කාලේ ගෙවන්න එපා දුක
හිතල බලලා එන්න ඇත්ත කිව්වා හනිකට
උලුප්පලා බොරු සෝබන කියනවා මේ අය
ආවම දැන ගන්න ලැබෙයි විඳිනා මර දුක
ගිණුමට ඇර විපාකයට යන්න එපා රට
රැවටෙන්න එපා රට ඈයෝ කියන බයිලාවට
පිටරට විස්තර මෙව්වා
අහගෙන ඉන්න ඔයාලා
දෙවරක් හිතලා බලලා
යන්නලා හිතලා ඔහෙලා
පිටරට විස්තර මෙව්වා
අහගෙන ඉන්න ඔයාලා
දෙවරක් හිතලා බලලා
යන්නලා හිතලා ඔහෙලා
එන්නලා හිතලා ඔහෙලා
යන්නලා හිතලා ඔහෙලා
එන්නලා හිතලා ඔහෙලා
යන්නලා හිතලා ඔහෙලා
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri