Kishore Kumar Hits

Jaya Sri - Thatu Denawado şarkı sözleri

Sanatçı: Jaya Sri

albüm: Samaya (Peace)


Thatu Denawado Kinduriye - JayaSri
තටු දෙනවාදෝ කිඳුරියේ - ජයශ්රී
තටු දෙනවාදෝ කිඳුරියේ ඔබ වටා...
ඉගිලෙන්නම් සිහිනයේ ඉම සොයා...
ඈතට පාවී ඈතට පාවී යන්න මගේ කල්පනා
බොඳ වේවී ඔබෙ රුව බොඳ වේවී සිතුවම් ඔබේ සිනා
දේදුනු පාට පාට ලෝකේ තනිවෙමුදෝ තනිවෙමුදෝ
පාවෙන මන් මත් සිහිනේ හැරයමුදෝ හැරයමුදෝ
පාලු විජිතයේ අපි අද තනිවෙලා...
ජීවිත කතරේ අතරමන් වෙලා...
ඔබේ දෙපා මුල ඒ දෙපා මුල නැවතුනු මගෙ ජීවේ
මෙලොවත් නැති කර එලොවක් යා කල මගේ සොඳුරියේ
හමුවූ මුල්ම දිනේ ලොවම නැවතුනා නැවතුනා
රැඳුනා හද රැඳුනා සිත සැලුනා සැලුනා
පාලු විජිතයේ අපි අද තනිවෙලා...
ජීවිත කතරේ අතරමන් වෙලා...
හැරදා යන්න මට තනිවන්න මගේ කිඳුරියේ...
අවසර දෙන්න මට අවදිවන්න නොනිමෙනා සිහිනයේ.

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar