Anushka Udana - Weraduna Thena şarkı sözleri
Sanatçı:
Anushka Udana
albüm: Weraduna Thena
ඔබ හා ගිය නිසා
මට මාවම නැතිවුනා
තවයන්නට බැරි නිසා
නුඹ හැරදා මා ගියා
තරුකැට පෙන්නලා
පෙම් බිදුවක් දුන් ඔයා
සිත මගෙ අසනවා
කවුරුද නුඹ කියා
කොහොමද කියලා අසනා විට මා
නිහඩව ගොළුවෙනවා
වැරදුන තැන්ගැන සිත රැවටුව
දැන් දැන් දුක් වෙනවා මා
කොහොමද කියල ඇසුවත් මා දැන්
උන් තැන මියැදෙනවා
වැරදුන තැන්ගැන සිත සිත ඇවිදින්
නුඹ ලඟ පරවෙනවා
පුදසුන් නැති නිසා
මල් කැටයම් මට එපා
අපි ගිය දුර නිසා
මං සලකුණු නැතිවුනා
අපි අතරේ හිස් තබා
එහි මතකය ඇතිරුවා
යළි එන්නැති නිසා
පසුනොබලා මා ගියා
කොහොමද කියල අසනා විට මා
නිහඩව ගොළුවෙනවා
වැරදුන තැන්ගැන සිත රැවටුව මා
දැන් දැන් දුක් වෙනවා
කොහොමද කියල ඇසුවත් මා දැන්
උන් තැන මියැදෙනවා
වැරදුන තැන්ගැන සිත සිත ඇවිදින්
නුඹ ලඟ පරවෙනවා
නුඹ ලඟ පරවෙනවා
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri