MARIANS - Mariyasilo şarkı sözleri
Sanatçı:
MARIANS
albüm: Ahata Cool
මරියසිලෝ
මගේ මරියසිලෝ
රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ
මරියසිලෝ
මගේ මරියසිලෝ
රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ
අඹකඳවිල ඔරු තොටුපළ
මේ මම උන් කල දැල් එල එල
උඹ දුන් බල කැඳ ගොටුකොල
පිනවයි බොල මගේ මන දොළ
මරියසිලෝ
මගේ මරියසිලෝ
වැදී රැල්ලෙ උඹ තෙමේවි මරියසිලෝ
මරියසිලෝ
මගේ මරියසිලෝ
වැදී රැල්ල උඹ තෙමේවි මරියසිලෝ
නෙරියට හැට්ටේ ඇඳන් තියලා සුරුක්කු
නෙරියට හැට්ටේ ඇඳන් තියලා සුරුක්කු
සෙව්වට උඹ යනකොට දමලා මුරුක්කූ
සෙව්වට උඹ යනකොට දමලා මුරුක්කූ
උඹේ දනිය වහන් හුළං සාය උඩට උරුක්කු
උඹේ දනිය වහන් හුළං සාය උඩට උරුක්කු
මගේ මරියසිලෝ
මගේ මරියසිලෝ
රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ
අනෙ මරියසිලෝ
මගේ මරියසිලෝ
වැදී රැල්ල උඹ තෙමේවි මරියසිලෝ
ඇනියට නැගලා වරෙන් යන්න උඩප්පු
ඇනියට නැගලා වරෙන් යන්න උඩප්පු
මඩියට මාළු පිරෙයි නැතිව කුලප්පු
මඩියට මාළු පිරෙයි නැතිව කුලප්පු
උඹ නාඩිය මගේ පණ කෙන්දට දාපු පලිප්පු
උඹ නාඩිය මගේ පණ කෙන්දට දාපු පලිප්පු
හම්මේ මරියසිලෝ
මගේ මරියසිලෝ
රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ
මරියසිලෝ
මගේ මරියසිලෝ
රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ
අඹකඳවිල ඔරු තොටුපළ
මේ මම උන් කල දැල් එල එල
උඹ දුන් බල කැඳ ගොටුකොල
පිනවයි බොල මගේ මන දොළ
මරියසිලෝ
මගේ මරියසිලෝ
වැදී රැල්ලෙ උඹ තෙමේවි මරියසිලෝ
ඒයි මරියසිලෝ
මගේ මරියසිලෝ
වැදී රැල්ල උඹ තෙමේවි මරියසිලෝ
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri