ඔය හැඩ නම් හරි අගෙයි
තාලෙට බැල්මත් හරි වගෙයි
මොනවාදෝ මේ ඉඟියෙන් පවසන්නේ
තබනා දෙපයත් සියුමැලියි
නැළවෙන කෙහෙරැලි හැඩ වාගෙයි
මොනවාදෝ මේ බැල්මෙන් කියවෙන්නේ
මාගේ ආදරේ
ගලනා මේ දිය දහරාවේ
මේ ඔබමයි සසරේ පින්වන්ති
මාගේ ආදරේ
ගලනා මේ දිය දහරාවේ
මේ ඔබමයි සසරේ පින්වන්ති
මං එන්නද කමතට නැහැඹුල් කැකුලී
ගන්නකෝ දෑතට සුහුඹුල් කැදලි
දෙන්නද දිවියට කෝකිල ගීයක්
ගන්නකෝ මගේ අත ඇවැස්ස නැගණී
ගලනා දිය වැල් නැහැ නොවැ පැංචි
නියරෙත් පොඩි අඩි තියෙනවා පුංචි
ඉන්නකො පොඩියක් ඉවසන් තුමුවි
හනිකට එනවා පැදුරෙන් හැංගි
ඔය හැඩ නම් හරි අගෙයි
තාලෙට බැල්මත් හරි වගෙයි
මොනවාදෝ මේ ඉඟියෙන් පවසන්නේ
නුඹ රඟ සොබ හැඩ පාටයි
ඝන අඳුරට තරු වාගෙයි
මොකටදෝ මේ ඉඟසුඟ නලවන්නේ
(I love it)
ගයනා ගී වැල් නිම වෙන්නයි
හොරැහින් මොනවට පවසන්නයි
කවුරුන්දෝ ඔය දෙනයන පිළිගන්නේ
(It's all good)
හිරු එළියක් වාගෙයි
මල් කැකුලක් වාගෙයි
බලනා ඔය නිලුපුල් අරුමැක්කෙයි
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri