Kishore Kumar Hits

Priyantha Fernando - Kimada Sumihiriye şarkı sözleri

Sanatçı: Priyantha Fernando

albüm: Bilinda Nalave


කිමද සුමිහිරියේ මේ අරුමේ
මහද පිබිදෙන්නේ
ඔබගේ දෑසේ නැගෙන කැළුමේ
රහස නැත දන්නේ
කිමද සුමිහිරියේ මේ අරුමේ
මහද පිබිදෙන්නේ
ඔබගේ දෑසේ නැගෙන කැළුමේ
රහස නැත දන්නේ
සෙවනැල්ල වගේ ඔබ එන විලසේ
මට දැනෙයි නිතර රහසේ
මුදු තොල් පොපියා කිසිවක් නොකියා
ඇයි යන්නේ පැන විගසේ
හැම උදේම තනියම මෙසේ
හැම උදේම තනියම මෙසේ
ප්රිය ළඳේ ඔබව හමුවේ
කල්පනාව පෙම්බර සිනහව පින්බර
මගේ හිතට සුව දේ
කිමද සුමිහිරියේ මේ අරුමේ
මහද පිබිදෙන්නේ
ඔබගේ දෑසේ නැගෙන කැළුමේ
රහස නැත දන්නේ
කෙහෙරැල්ල වැටී නළලට සිරසේ
සිරි වැසේ බොළඳ මුහුණේ
වන මල් පිපිලා බර වී නැවිලා
ලං වෙන්ඩ එයි මැණිකේ
දුටුවාම හදවත ඔබේ
දුටුවාම හදවත ඔබේ
දුක නැසී සතුට ඇතිවේ
ඔබ ගියේ බලන් හිඳ අගය කරන්නද
කියන්න සුරතලියේ
කිමද සුමිහිරියේ මේ අරුමේ
මහද පිබිදෙන්නේ
ඔබගේ දෑසේ නැගෙන කැළුමේ
රහස නැත දන්නේ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar