Priyantha Fernando - Ambili Mame şarkı sözleri
Sanatçı:
Priyantha Fernando
albüm: Mee Amba Vanaye
අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ
අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ
පුලුන් වළා යටින් ඉඳන් එබිල බලන්නේ
වටින් පිටින් ඇදෙන්නේ
මුහුණ ඔබේ පිසින්නේ
සේද යොදා සැදූ වළා සළුද කියන්නේ
පාත බලන්නේ මුව විහිදන්නේ
රිදී සිනා පපා මෙලොව එළිය කරන්නේ
පාත බලන්නේ මුව විහිදන්නේ
රිදී සිනා පපා මෙලොව එළිය කරන්නේ
අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ
අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ
පුලුන් වළා යටින් ඉඳන් එබිල බලන්නේ
සිසිල් සුළං හමන්නේ කුමුදු සමන් පිපෙන්නේ
අඳුරු කැලා දසත බලා පැනලා දුවන්නේ
තුරු නැළවෙන්නේ සුවඳ හමන්නේ
කුසුම් සලා රේණු කැලා බිම සරසන්නේ
තුරු නැළවෙන්නේ සුවඳ හමන්නේ
කුසුම් සලා රේණු කැලා බිම සරසන්නේ
අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ
අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ
පුලුන් වළා යටින් ඉඳන් එබිල බලන්නේ
සියල් සතුන් නිදන්නේ සුරන් මෙලෝ වඩින්නේ
ගුවන් කුසේ මැණික් රැසේ ඔබ සරසන්නේ
සිරස සදන්නේ රැස් පළඳන්නේ
සුපුන් සඳේ ඔබ නිබදේ ලෝ පුබුදන්නේ
සිරස සදන්නේ රැස් පළඳන්නේ
සුපුන් සඳේ ඔබ නිබදේ ලෝ පුබුදන්නේ
අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ
අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ
පුලුන් වළා යටින් ඉඳන් එබිල බලන්නේ
පුලුන් වළා යටින් ඉඳන් එබිල බලන්නේ
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri