Priyantha Fernando - Hela Jathika şarkı sözleri
Sanatçı:
Priyantha Fernando
albüm: Mee Amba Vanaye
හෙල ජාතික අභිමානේ
වැඩු විරුවන් සේ පොරණේ
දිනු මවුබිම සව්සිරියෙන් සරසව්
පිබිදෙව්, පිබිදෙව් සැරසෙව්
හෙල ජාතික අභිමානේ
වැඩු විරුවන් සේ පොරණේ
දිනු මවුබිම සව්සිරියෙන් සරසව්
පිබිදෙව්, පිබිදෙව් සැරසෙව්
♪
වීර විකුම් පෑ පෙර දරුවෝ දෙස රැස මුර කෙරුවෝ
ඒ ලෙය ඇති ඔබ සුර විරුවෝ නොම වව් ණය කරුවෝ
දැය දියුණට පැද යන නැවියා ගොවියා බිම දෙවියා
සැපතෙහි විපතෙහි නොතැලෙයි, නොසැලෙයි අටලෝ දම හුරු හෙළයා
සැපතෙහි විපතෙහි නොතැලෙයි, නොසැලෙයි අටලෝ දම හුරු හෙළයා
හෙල ජාතික අභිමානේ
වැඩු විරුවන් සේ පොරණේ
දිනු මවුබිම සව්සිරියෙන් සරසව්
පිබිදෙව්, පිබිදෙව් සැරසෙව්
♪
මුහුදට ඈදෙන මහ ගංගා කුඹුරට යළි හරවා
ධාන්ය වගාකොට සිරිලක මේ පෙරදිග කෙත කරවා
අරපිරිමැස්මට පුරුදුවෙලා බිඳලව් දුක සංකා
පැරකුම් යුගයක් නැවතත් අරඹව් නිජ භූමි තලේ ලංකා
පැරකුම් යුගයක් නැවතත් අරඹව් නිජ භූමි තලේ ලංකා
හෙල ජාතික අභිමානේ
වැඩු විරුවන් සේ පොරණේ
දිනු මවුබිම සව්සිරියෙන් සරසව්
පිබිදෙව්, පිබිදෙව් සැරසෙව්
හෙල ජාතික අභිමානේ
වැඩු විරුවන් සේ පොරණේ
දිනු මවුබිම සව්සිරියෙන් සරසව්
පිබිදෙව්, පිබිදෙව් සැරසෙව්
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri