Kishore Kumar Hits

Bathiya & Santhush - Sebala Puthu şarkı sözleri

Sanatçı: Bathiya & Santhush

albüm: Oba Nisa (White Edition)


නැති වුවත් මව්බිමේ අඟලක් තමන්ගේ යැයි කීමට
නුඹයි හැම බිම් අඟලක්ම නිදහස් කලේ ලක් මෑණිට
ජීවිතේ හැම මිහිරි දේවල් අහිමිවූවත් ඔබ හට
දිවි පරදු කොට සටන් කෙරුවෙ ලක්මවුන් රැකගැනුමට
නැති වුවත් මව්බිමේ අඟලක් තමන්ගෙ යැයි කීමට
නුඹයි හැම බිම් අඟලක්ම නිදහස් කලේ ලක් මෑණිට
ජීවිතේ හැම මිහිරි දේවල් අහිමිවූවත් ඔබ හට
දිවි පරදු කොට සටන් කෙරුවෙ ලක්මවුන් රැකගැනුමට
රට නසන්නට සතුරු කැල අවි දරා ආවිට දස දෙසින්
අප පුතුන් ඉදිරියට ආවේ මව්බිමට ඇති සෙනෙහසින්
කොතෙක් සිටියද මෙහෙයවන්නට යුද්ධයේ සෙන්පතිවරුන්
රටට ණය නැති සෙබළ පුත නුඹ තමයි කණ්ඩුල ඇති රජුන්
දශක ගණනක් අපේ මිනිසුන් විඳි අපා දුක් යුධ බියෙන්
තුරන් කල ඔබ සදා නොමියෙන අපේ විරුවෙකි හදවතින්
ඉදිරි දිවියම ඇඳට වී ඔබ ගත කලත් අප හඬවමින්
වැය කලේ ඔබ ඔබේ අද දින අපේ හෙට දින සුරකිමින්
දශක ගණනක් අපේ මිනිසුන් විඳි අපා දුක් යුධ බියෙන්
තුරන් කල ඔබ සදා නොමියෙන අපේ විරුවෙකි හදවතින්
ඉදිරි දිවියම ඇඳට වී ඔබ ගත කලත් අප හඬවමින්
වැය කලේ ඔබ ඔබේ අද දින අපේ හෙට දින සුරකිමින්
සෙනෙවියන් සෙන්පතිවරුන් යුධ මෙහෙය වූවත් අණ දෙමින්
නොහැක මේ නිදහස ලබන්නට නොහිටියානම් මේ පුතුන්
කැපකලේ මුළු තරුණ දිවියම දෙඇස් අත් පා දන් දෙමින්
සෙබළ පුත නුඹ වැඩූ මව වෙනු ඇතිය මෙ පිනෙන් මතු බුදුන්

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar