Somathilaka Jayamaha - Dasa Bimbara şarkı sözleri
Sanatçı:
Somathilaka Jayamaha
albüm: Pahan Tharuwa
දස බිම්බර මාර සෙනඟ
තණ්හා, රති, රගා සමඟ
පළවා හල, වීතරාගි බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා
දස බිම්බර මාර සෙනඟ
තණ්හා, රති, රගා සමඟ
පළවා හල, වීතරාගි බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා
♪
සංසාරේ තෙර දකින්න
බලාපොරොත්තුවෙ ඔරුවෙන්
සංසාරේ තෙර දකින්න
බලාපොරොත්තුවෙ ඔරුවෙන්
ගමන් වැඩිය, අංගීරස බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා
♪
සවණක් බුදු රැස් විහිදා
කරුණාවේ මුදු බැල්මෙන්
සවණක් බුදු රැස් විහිදා
කරුණාවේ මුදු බැල්මෙන්
මුළු දියතෙහි සිසිල මවා බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා
♪
මෙත් ගඟුලේ සෙනෙහෙ ගඟේ
බුදු ගුණ ගී තරඟ නැගේ
මෙත් ගඟුලේ සෙනෙහෙ ගඟේ
බුදු ගුණ ගී තරඟ නැගේ
සාදු, සාදු, සාදු, සාදු, බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා
දස බිම්බර මාර සෙනඟ
තණ්හා, රති, රගා සමඟ
පළවා හල, වීතරාගි බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri