Somathilaka Jayamaha - Lassana Wanamal şarkı sözleri
Sanatçı:
Somathilaka Jayamaha
albüm: Pahan Tharuwa
ලස්සන වන මල් පිපිලා මදහස දෙනවා
කොවුල් ගීත උක්දඬු දුනුදිය හඬවනවා
නව තඹ වැල්ලේ රත් රොන්සුනු විසිරෙනවා
විජය කුමරු තම්මැන්නා පුර එළඹෙනවා
විජය කුමරු තම්මැන්නා පුර එළඹෙනවා
♪
නිළුපුල් දෙනුවන් ආදරයෙන් පිබිදෙනවා
කුවනිය ඇගෙ වරලස සුදු මල් ගවසනවා
නිළුපුල් දෙනුවන් ආදරයෙන් පිබිදෙනවා
කුවනිය ඇගෙ වරලස සුදු මල් ගවසනවා
රන් හූයෙන් රටා දමා සළුව වියනවා
සුමුදු සළුව විජයිඳු ගත වට දැවටෙනවා
ලස්සන වන මල් පිපිලා මදහස දෙනවා
කොවුල් ගීත උක්දඬු දුනුදිය හඬවනවා
නව තඹ වැල්ලේ රත් රොන්සුනු විසිරෙනවා
විජය කුමරු තම්මැන්නා පුර එළඹෙනවා
විජය කුමරු තම්මැන්නා පුර එළඹෙනවා
♪
මිනි කිංකිනි සළඹ සලා ඇය හිනැහෙනවා
සැලෙන දෙතොල් අතරින් පෙම් බස් මුමුණනවා
මිනි කිංකිනි සළඹ සලා ඇය හිනැහෙනවා
සැලෙන දෙතොල් අතරින් පෙම් බස් මුමුණනවා
හිරු කුමරුන් විල සියපත් මුහුණු සිඹිනවා
දෙහදක බැඳි ආදර සොම්නස උතුරනවා
ලස්සන වන මල් පිපිලා මදහස දෙනවා
කොවුල් ගීත උක්දඬු දුනුදිය හඬවනවා
නව තඹ වැල්ලේ රත් රොන්සුනු විසිරෙනවා
විජය කුමරු තම්මැන්නා පුර එළඹෙනවා
විජය කුමරු තම්මැන්නා පුර එළඹෙනවා
♪
එදා පිපුණු නිළුපුල් මල් පෙති මැලවෙනවා
වරලස සැරසු සුදු මල් බිම ගිලිහෙනවා
එදා පිපුණු නිළුපුල් මල් පෙති මැලවෙනවා
වරලස සැරසු සුදු මල් බිම ගිලිහෙනවා
රන් හූයෙන් වියු සලුවෙ රටා ලිහෙනවා
ගිලිහුණු සමනල් තටු මත ඇය තනිවෙනවා
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri