Somathilaka Jayamaha - Surinduni Katharagama şarkı sözleri
Sanatçı:
Somathilaka Jayamaha
albüm: Pahan Tharuwa
රුපු ඔද එඩිය බිඳ මැදහත් බවට නැමී
ඔබ පෑ විකුම් කොඳුරා මද නල ද හැමී
මනහර මැණික් ගඟ බඩ සැදි දෙවොල හිමී
සුරිඳුනි කතරගම සුරිඳුනි හැඳින ගමී
දෙවොලක් සදා හදවත තුළ ස්වාමිනී
කළු වැල් කපුරු දල්වන්නෙමි වයා මිණී
සරණක් ඔබෙන් ලබනා තිර නියායෙනී
මම සැල කරමි මෙය සුරිඳුනි දයාවෙනී
පෙර කළ පැවති ලෙස නො අඩුව ඉසුරු මතින්
සපුරා ජය කෙහෙලි නංවා සතර අතින්
දරුවන් හදට දී එඩිතර ගුණය නිතිත්
මගෙ රට මගේ දැයට සම්පත සදනු ඉතින්
රුපු ඔද එඩිය බිඳ මැදහත් බවට නැමී
ඔබ පෑ විකුම් කොඳුරා මද නල ද හැමී
මනහර මැණික් ගඟ බඩ සැදි දෙවොල හිමී
සුරිඳුනි කතරගම සුරිඳුනි හැඳින ගමී
ඉදිරිපත් කලේ - ඩයස් කිරිආරච්චි කටාන
පද රචනය: සුනිල් ආරියරත්න
සංගීතය: ග්රේෂන් ආනන්ද
ගායනය: සෝමතිලක ජයමහ
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri