Kishore Kumar Hits

Amarasiri Peiris - Sugandika şarkı sözleri

Sanatçı: Amarasiri Peiris

albüm: Ganga Gala Yaden


සුදු කන්දට සඳ ළංවන රාත්රියේ
සිනහ අරන් ඔබ ආවා හිමින් සැරේ
හදේ පිරුණු ප්රේමය රන්පියුමක් සේ
මට දැනුණා ඔබ මා ළඟ උන් මොහොතේ
සුගන්ධිකා...
මා ආදර සුගන්ධිකා
වැව් දිය මත කැලතෙන සඳ
රෑ හීනෙක බොඳ වී තිබුණා
නිල් මානෙල් මල් යායක
ඔබේ සුවඳ මුසුවී දැනුණා
සුගන්ධිකා...
මා ආදර සුගන්ධිකා
රන්කොත් වෙහෙරට ගිය හිත
යළිත් ඇවිත් ඔබ විමසනවා
මා පමණයි මේ වැව ළඟ
අතීතයේ ඔබ හැංගෙනවා
සුගන්ධිකා...
මා ආදර සුගන්ධිකා
මා ආදර සුගන්ධිකා
පද රචනය – රංජිත් රූපසිංහ
සංගීතය – දර්ශන රුවන් දිසානායක
ගායනය – අමරසිරි පීරිස්

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar