Kishore Kumar Hits

Amarasiri Peiris - Landune şarkı sözleri

Sanatçı: Amarasiri Peiris

albüm: Snehaye Nagarayai


ළඳුනේ - ළඳුනේ

ඔබේ දෑස දැකගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ - ළඳුනේ
දෙනෝ දහක් අත ගත්තද
සැමියෙකු නැති ළඳුනේ
නෑයෙක් නෑකම නොකියන
වීදි සරණ ළඳුනේ - ළඳුනේ
තෙල් මල් ගෙන දෝත පුරා
මුනිකුටියට පියමං වන
ඔබේ දෑස දැක ගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ - ළඳුනේ

බුදුන් දැක නිවන් දකිමැයි
දෙව්රම යන පාර අහන
ඔබ ද පටාචාරාවකි
ඔබ ද කිසාගෝතමියකි
පිරිමින්ගේ පාප කඳට
දෝස විඳින ළඳුනේ
අඳුරේ පව් කරන දනා එළියෙ රවන ළඳුනේ
ළැම පමණක් ලොවට පෙනෙන
ළය නොපෙනෙන ළඳුනේ
කුහුඹුවකුට වරදක් නැති
වැරදිකාර ළඳුනේ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar