Kishore Kumar Hits

Indrani Perera - Muwa Hasarali Sagare şarkı sözleri

Sanatçı: Indrani Perera

albüm: Flashback Sihiwatana, Vol. 7


මුව හසරැලි සාගරේ මුතු වැලක් වෙලා
නෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා
දේදුන්නක සඟවලා දෙතොල් රත සලා
ඔබ මගෙ මුලු ජීවිතේ රඟහලක් කලා
සඳ විමනේ විසිතුරු පවසා
නෙත් එළියෙන් තොරතුරු විමසා
දිය වදනය සලුවක දවටා
සැනසිල්ලේ උණුසුම ගවසා. ආ...
ඔබ නලවන්නම් - ඔබ සනසන්නම්
ඔබ නලවන්නම් - මම ඔබ සනසන්නම්
නොමියන සුළු ආදරයක කථා කියන්නම්
මුව හසරැලි සාගරේ මුතු වැලක් වෙලා
නෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා
දේදුන්නක සඟවලා දෙතොල් රත සලා
ඔබ මගෙ මුලු ජීවිතේ රඟහලක් කලා
සඳ විමනේ සොමි ගුණ මවලා
දේදුන්නක සිසිලස ඔතලා
මල් කෙමියක මදු රස සොයලා
සල් අරණක පවනැලි නිවලා. ආ...
ඔබ නලවන්නම් - ඔබ සනසන්නම්
ඔබ නලවන්නම් - මම ඔබ සනසන්නම්
නොමියන සුළු ආදරයක කථා කියන්නම්
මුව හසරැලි සාගරේ මුතු වැලක් වෙලා
නෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා
දේදුන්නක සඟවලා දෙතොල් රත සලා
ඔබ මගෙ මුලු ජීවිතේ රඟහලක් කලා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar