6th LANE - Dinayaka Oba Ma şarkı sözleri
Sanatçı:
6th LANE
albüm: 6th Lane
දිනයක ඔබ මා හිරි පොද වැස්සේ
මල් කුඩේ යටින් පිය මැන්නා
මොනවද හෙමිහිට මිමිණුවා
අද හීතල වැහි බිඳු නහවයි මා
මට හෙවණ දෙන්න නුඹ ළඟ නෑ
මේ වැහි බිඳු ඒ ගැන දන්නෑ
නොඉවසිල්ලෙන් බලා උන්
වසන්තය ආවේ දැනුයි
මාවත මලින් පිරී ගොහින්
හීතල හුළඟේ විසිරී
නුඹත් ළඟ උන්නා නම් කියා හිතුවා
මට තුරුලු වී උණුහුම් වෙන්න තිබුනා
වසන්තේ ඒ ගැන දන්නෑ
දිනයක ඔබ මා හිරි පොද වැස්සේ
මල් කුඩේ යටින් පිය මැන්නා
මොනවද හෙමිහිට මිමිණුවා
අපි දෙන්නා හිනා වුණු ගං තෙර
තාමත් සිහිල් පවන් හමයි
හීනයක් වන් අතීතයේ
සුවඳ තාවම ගලනා
හීතලයි කියා නුඹ තැවෙන්නෙපා
මං නුඹේ හිතේ උන්නු තැන තාම උණුහුමයි
නුඹ ගැන දන්නෙ මං විතරයි
දිනයක ඔබ මා හිරි පොද වැස්සේ
මල් කුඩේ යටින් පිය මැන්නා
මොනවද හෙමිහිට මිමිණුවා
අද හීතල වැස්සේ මං විතරයි
මල් කුඩේ යටින් මං තනියෙන්
මේ වැහි බිඳු ඒ ගැන දන්නෑ
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri