Edward Jayakody - Sikuru Tharuwa şarkı sözleri
Sanatçı:
Edward Jayakody
albüm: Hiru Mandala
සිකුරු තරුව රැයේ
සිකුරු තරුව රැයේ
අඳුර මකන අගේ
හඳට අහස හිමි වන පෝදා
ලොව හඳටම නතු වෙනවා
තරුවද අමතක වෙනවා
♪
අහස හිමි තුරු මුදුනේ මල් හිනැහෙනවා
නොපැතු සැනේ පෙති ඉහිරී බිමට වැටෙනවා
අහසට පිපිමල් සේ පොළවට පරමල් හිමිවේ
පිපිමල් පරමල් වෙනවා
ඒ මල් දුක සඟවනවා
සිකුරු තරුව රැයේ
සිකුරු තරුව රැයේ
අඳුර මකන අගේ
හඳට අහස හිමි වන පෝදා
ලොව හඳටම නතු වෙනවා
තරුවද අමතක වෙනවා
♪
සඳළුතලේ සඳ විලසේ ඔබ හිනැහෙනවා
දිළිඳු මගේ හද අරනේ එළිය නිවෙනවා
ඔබ නෙත් සඳ පහනේ සඳළුතලේ සඳ සැඟවේ
ඔබ යළි සඳවත වෙනවා
මිහිරිව ඔබ රිදවනවා
සිකුරු තරුව රැයේ
සිකුරු තරුව රැයේ
අඳුර මකන අගේ
හඳට අහස හිමි වන පෝදා
ලොව හඳටම නතු වෙනවා
තරුවද අමතක වෙනවා
ලොව හඳටම නතු වෙනවා
තරුවද අමතක වෙනවා
ලොව හඳටම නතු වෙනවා
තරුවද අමතක වෙනවා
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri