Edward Jayakody - Hirumandalin şarkı sözleri
Sanatçı:
Edward Jayakody
albüm: Hiru Mandala
රන් හිරු මඩලින් සිහිලස අයදිනවා
පුන් සඳ පහනෙන් උණුසුම අයදිනවා
ලෝකය බිහිවු දා සිට අරුමෙකි මිනිසා
ගිරිහිස ඉඳුවර සොයමින් ලතැවෙනවා
රන් හිරු මඩලින් සිහිලස අයදිනවා
පුන් සඳ පහනින් උණුසුම අයදිනවා
ලෝකය බිහිවු දා සිට අරුමෙකි මිනිසා
ගිරිහිස ඉඳුවර සොයමින් ලතැවෙනවා
සයුරේ පැන් තොට සොයමින් වැලපෙනවා
කතරේ කෙම් බිම දකිමින් රැවටෙනවා
සයුරේ පැන් තොට සොයමින් වැලපෙනවා
කතරේ කෙම් බිම දකිමින් රැවටෙනවා
දිලිසෙන දියරැලි මාලා
නෙත පුරවා නෙක මායා
මිනිසුන් හැමදා සිහිනෙක සැතපෙනවා
රන් හිරු මඩලින් සිහිලස අයදිනවා
පුන් සඳ පහනෙන් උණුසුම අයදිනවා
ලෝකය බිහිවු දා සිට අරුමෙකි මිනිසා
ගිරිහිස ඉඳුවර සොයමින් ලතැවෙනවා
ගමනේ මංපෙත දවසක නිමවෙනවා
ලද දේ, කළ කී දේ, හිත හඬවනවා
ගමනේ මංපෙත දවසක නිමවෙනවා
ලද දේ, කළ කී දේ, හිත හඬවනවා
නිවැරදි හැම සඟවාලා
වරදට මල්දම් දාලා
රකුසන් පුද දී මිනිසුන් සැනසෙනවා
රන් හිරු මඩලින් සිහිලස අයදිනවා
පුන් සඳ පහනෙන් උණුසුම අයදිනවා
ලෝකය බිහිවු දා සිට අරුමෙකි මිනිසා
ගිරිහිස ඉඳුවර සොයමින් ලතැවෙනවා
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri