බිංදු බිංදු මල් වැස්සේ
තෙමෙන්නට එපා
ගලින් ගලට පා නගමින්
දුවන්නට එපා
ගල් මතුපිට ලිස්සනවා
පය පැකිලේවී
ආල හැගුම් මං හිංදා
හිතෙන්නට එපා
දෑස තෙමාලන දුක්ගිනි
නැගෙන්නට එපා
දෙමාපියන් පිට ගමකින්
මට බහදේවී
නිල් ලන්දේ ගම් මැද්දේ
ඉද්ද සමන් පිපෙනවා
වෙල් බැද්දේ වගුරු පුරා
කෙකටිය දලු දිලෙනවා
ගේ මැද්දේ බරණි පුරා
වී අස්වනු පිරෙනවා
හිත මැද්දේ ලොකු අඩුවක්
මගේ සතුට මකනවා
ගමෙන් ඈත සිදාදියේ
ලොකු නුවරක් තියනවා
මාල වලලු අරුමෝසම්
එහි ඇති බව කියනවා
දෙමව්පියන් ගමෙන් පිටට
මා දෙන්නට හදනවා
සිදාදියෙන් කුමාරයෙක්
මා බලන්න වඩිනවා
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri