Kishore Kumar Hits

Edward Jayakody - Sulangak Vee Man Yanawa şarkı sözleri

Sanatçı: Edward Jayakody

albüm: Dedunu Palama


සුළඟක් වී මං යනවා
දුර අහසේ ඇවිදින්නට
අප්පච්චී කොහොමද?
මං අල්ලන්නේ
අහසක් සේ දූ යන මග
පුළුන් වළා අතුරනවා
එහෙමයි මගෙ දෝණි
මං රැකගන්නේ
පණ වාගෙයි මගේ දූ
මං රැක ගන්නේ
මහ ගං වතුරක් වීලා
හරි වේගෙන් මං ගලනවා
ලොකු ගස් වැල් කඳු වැටි හෙම
උදුරා පොළාවට දමනවා
අප්පච්චී කොහොමද?
මං වළකන්නේ
මං මහ මුහුඳක් වෙනවා
දුව එනතුරු තනි රකිනවා
ආදරයෙන් මග බලනවා
තුරුලට ගෙන සනසවනවා
මං ළඟ නොවැ දූ
සැමදා සැනසෙන්නේ
මං බොරු තරහක් ගන්නවා
ඇස් රතු වෙනකල් අඬනවා
තුරුලට අරගෙන හිටියත්
නැළවෙන් නැතුවම ඉන්නවා
අප්පච්චී කොහොමද?
මං නළවන්නේ
දුවටත් වැඩියෙන් හයියෙන්
එතකොටනම් මට ඇඬෙනවා
දූගේ කඳුළු මං ගන්නවා
දූ නැලවෙනකල් අඬනවා
මං ඇඬුවම දූ
නොවැ මා නලවන්නේ
සුළඟක් වී මං යනවා
දුර අහසේ ඇවිදින්නට
අප්පච්චී කොහොමද?
මං අල්ලන්නේ
අහසක් සේ දූ යන මග
පුළුන් වළා අතුරනවා
එහෙමයි මගෙ දෝණි
මං රැකගන්නේ
පණ වාගෙයි මගේ දූ
මං රැක ගන්නේ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar