Sanath Nandasiri - Waradak Kalath şarkı sözleri
Sanatçı:
Sanath Nandasiri
albüm: Sanath Nandasiri with Sunflower Vol. 1
වරදක් කළත් හිතකින් නොවේ
රිදවන්නේ පලිගන්නේ ඇයි?
ඔබ මෙන් ඇයත්, ඇය මෙන් ඔබත්
මට මාගේ ඇස් දෙක වගේ
වරදක් කළත් හිතකින් නොවේ
රිදවන්නේ පලිගන්නේ ඇයි?
ඔබ මෙන් ඇයත්, ඇය මෙන් ඔබත්
මට මාගේ ඇස් දෙක වගේ
ඔබෙ ගිනි නිවා ඇගෙ හිත දවා
අප එක්වෙලා කුමටදෝ?
ඔබෙ ගිනි නිවා ඇගෙ හිත දවා
අප එක්වෙලා කුමටදෝ?
වෙනසක් නොවී
මගේ හිස් අතින්
පිසලන්නෙ කොයි කඳුළුදෝ?
වරදක් කළත් හිතකින් නොවේ
රිදවන්නේ පලිගන්නේ ඇයි?
ඔබ මෙන් ඇයත්, ඇය මෙන් ඔබත්
මට මාගේ ඇස් දෙක වගේ
අසරණ ඔබයි, තනිවුණු ඇයයි
මට ශාප කර යාවිදෝ?
අසරණ ඔබයි, තනිවුණු ඇයයි
මට ශාප කර යාවිදෝ?
ඔබේ ලෝකයෙන්
ඇගේ ලෝකයෙන්
සමුගන්න සිදුවේවිදෝ?
වරදක් කළත් හිතකින් නොවේ
රිදවන්නේ පලිගන්නේ ඇයි?
ඔබ මෙන් ඇයත්, ඇය මෙන් ඔබත්
මට මාගේ ඇස් දෙක වගේ
වරදක් කළත් හිතකින් නොවේ
රිදවන්නේ පලිගන්නේ ඇයි?
ඔබ මෙන් ඇයත්, ඇය මෙන් ඔබත්
මට මාගේ ඇස් දෙක වගේ
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri