Romesh Sugathapala - Denuwan Mawu Sinawe şarkı sözleri
Sanatçı:
Romesh Sugathapala
albüm: Denuwan Mawu Sinawe
දෙනුවන් මැවූ සිනාවේ
සිත ආදරෙන් වෙළී
සිතුවම් අඳින්න අහසේ
ඉගිලෙන්න සිතූ නිසා
ඉගිලී දුරක් ගියා
♪
දෙතොළඟ සිනහා සිතුවම් කෙරුවා
හද ගැඹුරේ පෙම කලතා සායම් සෙව්වා
සඳ තරු අතරේ ඔබෙ රුව ඇඳලා
සැමදා පැතූ සිහිනයකට මම පණ පෙව්වා
තුරුලට ගත්තා
දෙනුවන් මැවූ සිනාවේ
සිත ආදරෙන් වෙලී
♪
නොසිතූ විලසේ අහසම කැළඹී
ඇඳි සිතුවම් බොඳ වී යන වරුසා වැටුණා
හද විල කැළතී, සිතුවිලි සසැලී
බොඳ වී ගිය සිහිනයකම මා තනි වූවා
සිත ඉකි බිඳිනා
දෙනුවන් මැවූ සිනාවේ
සිත ආදරෙන් වෙළී
සිතුවම් අඳින්න අහසේ
ඉගිලෙන්න සිතූ නිසා
ඉගිලී දුරක් ගියා
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri