Kishore Kumar Hits

Nanda Malini - Virindu (Budun Dhaham) şarkı sözleri

Sanatçı: Nanda Malini

albüm: Pawana


බුදුන් දහම් සඟ තෙරුවන වැඳ අවසර රැගෙන සියල්
අසන් මහතුනේ අනාථ රටක ගැයෙන විරිදු සුරල්
(කේන්තියට කියන විරිදු)
මේ අනාථ රට ඉස්සර සකල සිරින් පිරුනු රටක්
බුදුන් පවා පය තිබ්බා උතුම් හිතින් දෙතුන් විටක්
(බුදුන් උන්නෙ එහා රටේ)
රට රටවල මහ ඇත්තන් පතල මහා කරුණාවට
ඇවිත් එ'රට කළ කොඩිවින කපන්න බැහැ මේ කපේට
(කාගෙත් ඇස් යොමුවුනු රට)
ගෙරි හංකඩ එලා ගන්ට කොළඹට ආ පරංගියා
අපේ රටම හූරාගෙන උගේ රටට අරන් ගියා
(කොයි පරයත් එහෙම තමයි)
ඉඟුරු දීලා මිරිස් ගත්ත මෝඩ අපේ රජ දරුවෝ
ලන්දේසින් ඉංග්රීසින් කැන්දාගෙන වින කෙටුවෝ
(ඒක සැබැයි සැබැයි සැබැයි)
බේරගන්ට පුළුවන්නම් රජ දරුවන් හට ඔටුන්න
සූදානම් මහතුනි උන් පරයි එක්ක නිදි වදින්න
(රජ පුටුවේ මළත් සැපයි)
එදත් අදත් හෙටත් මිතුරු වෙස් අරගෙන පරයි එනවා
දළදා මාලිගෙත් අරන් උන් දවසක යන්න යනවා
(හෙටත් වෙන්න ඉඩ තියෙනවා)
කා ගන්නා අතර එකම රටේ ඉන්න සිංහයො කොටි
කෙල හලනවා තළුමරනවා අල්ලපු රටවල හොටබරි
(උකස් කරලා රන් දූපත)
පරෙයියන්ගෙ වෙස් ගත්තත් පරයො ඇහැකි අදුනගන්ට
තමුන්ගෙ වාසියට මිසක් උන් ඒවිද පිහිට වෙන්ට
(පෙරුම් පුරන බෝසත්වරු)
පෘතුගීසී ලංදේසි ඉංග්රීසි කාලෙ වගේ
කල දවසක් ආයෙ එතොත් මොකටද ලක් මෑණි මගේ
(ඒ පව අප පිට වැටේවි)
රට වටකර වැට බඳින්න කැති මන්නා ගන්ට වෙනවා
වැටට උඩින් පනින උන්ට මන්න පහර දෙන්ට වෙනවා
(සාධාරණ පහරදීම)
සිහළු අපේ දෙමළු අපේ මුස්ලිම් මිනිසුනුත් අපේ
උන් කඳවුරු බඳින දිනේ පරයන්ගේ බොටුව කැපේ
(අනාථ රට සනාථ වෙයි)

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar