Kishore Kumar Hits

Nanda Malini - Dansal Dorehi şarkı sözleri

Sanatçı: Nanda Malini

albüm: Pawana


දන්සල් දොරෙහි නැත යදියෝ
සල්පිල් වලය පුරවැසියෝ
පන්සිල් රකිති මැරවරයෝ
මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි
දන්සල් දොරෙහි නැත යදියෝ
සල්පිල් වලය පුරවැසියෝ
පන්සිල් රකිති මැරවරයෝ
මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි
නොමැත ඇසක කඳුලක්
නොවැටුනොත් රොඩු කැබැල්ලක්
දකිනු නොහැක ලේ බිඳුවක්
නොමළොත් මකුණෙක් මදුරුවෙක්
මල බැදුණු ගිණිදණ්ඩේ
දැල් බදිත් මකුළු සේනා
වෙඩි හඬ අසනු රිසි දනෝ
පුපුරවති අහෝ රතිඤ්ඤා
මැරුණත් මේ පුරේ මේ මනරම් සමේ උපදින්ට මතු වාසනා
මැරුණත් මේ පුරේ මේ මනරම් සමේ උපදින්ට මතු වාසනා
දස රද දම්හි නිති පැවති
නර පති ඇමති වඩන රුති
දස රද දම්හි නිති පැවති
නර පති ඇමති වඩන රුති
සත වෙත පතල මෙත සදති
මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි
රැකෙයි අකුරට නීතිය
දෙයක් වේ නම්
යම් සුදුස්සාටමඅයිති වී ඇත
නැත අක්රමිකතා වැඩේ සුහදතා
සුන්දරතා සුවතා
අහෝ සැපයි සැපයි මෙපුර විසුමනම්
මැරුණත් මේ පුරේ මේ මනරම් සමේ උපදින්ට මතු වාසනා
මැරුණත් මේ පුරේ මේ මනරම් සමේ උපදින්ට මතු වාසනා
කියමින් නිබඳ ගී මියුරු
දකිමින් අවට රූ සොඳුරු
කියමින් නිබඳ ගී මියුරු
දකිමින් අවට රූ සොඳුරු
සතුටින් රඟති මේ නුවරු
මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි
නැත මුදලේ වටිනාකම්
බුහුමන් කරත් ශිල්ප ශාස්ත්රයටම
නැත පවුල් වාද,පිල් බේද, කුල වාද,
දෑ වාද
නැත බදු බර,පවුල් බර ජීවන බර
මැරුණත් මේ පුරේ මේ මනරම් සමේ උපදින්ට මතු වාසනා
මැරුණත් මේ පුරේ මේ මනරම් සමේ උපදින්ට මතු වාසනා
දන්සල් දොරෙහි නැත යදියෝ
සල්පිල් වලය පුරවැසියෝ
පන්සිල් රකිති මැරවරයෝ
මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar