Nanda Malini - Aurudu Dedahas Pansiyayak şarkı sözleri
Sanatçı:
Nanda Malini
albüm: Pawana
අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ
ලේකිරි දුන් උන් ලේත් උරාබී ලේ කළඳක් වත් නෑ දෙතනේ
දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩි හරියක් සොරදෙටුවෝ
දරුවන් වුව උන් පරයන් මැරයන් මගෙදේ කා මට විනකෙටුවෝ
උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත්
මගෙ රජදරුවන් මගෙ ජන දරුවන් ගැන බැලුවේ නෑ කවදාවත්
තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනෑ කමක් නැතී
ගේ දොර කණ කර උකසට තියලා වළඳත් විකුණා ගෙන බුදිතී
උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙතී
මගේම මහඋන් මගෙ නම විකුණා කොටවා මගෙ දරුවන් මරතී
අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනී
මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේසොර මුළුවෙන් මා ගළවනු මැනවී
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri