Kishore Kumar Hits

Clarence Wijewardene - Gon Wassa şarkı sözleri

Sanatçı: Clarence Wijewardene

albüm: Clarence Nonstop, Vol. 1


මගෙ කුඹුරේ ඉනි වැට බිදිලා - ලපටි ගොයම් පැල කාදමලා
රැක සිටියෙමි වෙහෙසක් නොබලා - අල්ලාගෙන ආවෙමි බැදලා
කාගෙද ගොං වස්සා - මගෙ කුඹුරට බැස්සා
හොද ගානක් උස්සා - පවරා දෙමි වස්සා
කාගෙද මේ හොර වසු පැටියා - සොයා කෙනෙක් එන තුරු සිටියා
මගේ අලාබය මේ සැටියා - අය කරගෙන දෙමි හොර කොටියා
කාගෙද ගොං වස්සා - මගෙ කුඹුරට බැස්සා
හොද ගානක් උස්සා - පවරා දෙමි වස්සා
සවස් වෙලා අපෙ ගේ පැත්තේ - කව්ද බොලේ එනවා දැක්කේ
වැටේ කඩුල්ලේ අර පැත්තේ - හදුනන මුහුනකි මම දැක්කේ
කාගෙද ගොං වස්සා - මගෙ කුඹුරට බැස්සා
හොද ගානක් උස්සා - පවරා දෙමි වස්සා
මොකද ලදේ මේ අරුමැක්කේ - කලකින් ඔබෙ ලස්සන දැක්කේ
අප ගැන ඇයි සැලකුම් නැත්තේ - මගෙ නම් නැහැ වෙනසක් ඇත්තේ
කාගෙද ගොං වස්සා - මගෙ කුඹුරට බැස්සා
හොද ගානක් උස්සා - පවරා දෙමි වස්සා
සිරිමල් අයියට පැණි වරකා - ගෙන ආවෙමි ගෙදරින් පොරකා
සිරිමල් අයියේ මට සලකා - දෙනවද මට මගෙ කලුහරකා
දුන්නට පැණි වරකා - දෙන්නම් කලුහරකා
මා ගැන තව සලකා - දෙනවද බහ මැණිකා
මට දෙනවද බහ මැණිකා
මට දෙනවද බහ මැණිකා
මට දෙනවද බහ මැණිකා
මට දෙනවද බහ මැණිකා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar