Shehan Kaushalya - Mage Hithe şarkı sözleri
Sanatçı:
Shehan Kaushalya
albüm: Mage Hithe - Single
ඔබ සොයාලා කකියනා නෙතේ ඉවසුමක් නැතුවා
හද හඩාලා වැලපෙනා දිනේ ඔබ යලිත් දැනුනා
ආයෙ නොඑන්න මා ගියත් පාලුවේ දමා
මාගෙ සිනා පාවුනා ඈත ගියදා එදා
මගේ හිතේ ඔයා කෙරේ යලි ආදරේ පිරිලා
ඔබේ නෙතේ තියා හැඬූ වේදනා දැකලා
හෙමිහිට මාගේ නෙතු ලඟ කඳුලැලි රූරාලා
හැමතැන වාගේ ඔබෙ රුව මැවි මැවි පායාලා
වෙන් වුනත් මේ වාසනාවෙන් මා දුකක් දීලා
ඉන්න බෑනේ පාලුවෙන් නම් සෝ තැවුල් ඉවසා
මගේ හිතේ ඔයා කෙරේ යලි ආදරේ පිරිලා
ඔබේ නෙතේ තියා හැඬූ වේදනා දැකලා
ඉදහිට ආයේ හමුවෙලා දොඩමලු වී මා හා
ඉමු පෙර වාගේ සැනසීලා මදකට ලංවීලා
කවුරුත් නෑ මේ තරම්නං ආදරේ දීලා
යන්නෙ නෑ මං හීනෙකින්වත් තාරුකා සොයලා
මගේ හිතේ ඔයා කෙරේ යලි ආදරේ පිරිලා
ඔබේ නෙතේ තියා හැඬූ වේදනා දැකලා
ඔබ සොයාලා කකියනා නෙතේ ඉවසුමක් නැතුවා
හද හඩාලා වැලපෙනා දිනේ ඔබ යලිත් දැනුනා
ආයෙ නොඑන්න මා ගියත් පාලුවේ දමා
මාගෙ සිනා පාවුනා ඈත ගියදා එදා
මගේ හිතේ ඔයා කෙරේ යලි ආදරේ පිරිලා
ඔබේ නෙතේ තියා හැඬූ වේදනා දැකලා
(මගේ හිතේ ඔයා කෙරේ යලි ආදරේ පිරිලා)
(ඔබේ නෙතේ තියා හැඬූ වේදනා දැකලා)
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri