Kishore Kumar Hits

Sahan Chamikara - Pinna Malak şarkı sözleri

Sanatçı: Sahan Chamikara

albüm: Pinna Malak


නටුවෙන් ගිලිහුනු පින්න මලක්
සුළඟට පාව ඇවිත්
මගෙ හද මඩලේ නතර වෙලා
සෙනෙහස් සුව විඳිමින්
නටු අග පිපුනට ලස්සන වනමල්
කවුරුත් නෑ එහි රුව දුටුවේ
පින්න කැකුලියේ ඔබෙ සුවඳින් මගෙ
ජීවිත යහනම සුවඳ උනේ
ලස්සන පින්න මලේ
ඔබ සුවඳයි සෑම කලේ
මගෙ හද ගත්ත ළඳේ
ඔබ මගෙමයි සැම දිනේ
බැද්දෙ පිපුනු මල ඉබේ පරනොවී
ගත්ත නිසා මගෙ හදේ ලැගුම්
පින්න කැකුලියේ ඔබ සුරකින්නම්
තියන තුරා මගෙ හදෙ සුසුම්
ලස්සන පින්න මලේ
ඔබ සුවඳයි සෑම කලේ
මගෙ හද ගත්ත ළඳේ
ඔබ මගෙමයි සෑම දිනේ
නටුවෙන් ගිලිහුනු පින්න මලක්
සුළඟට පාව ඇවිත්
මගෙ හද මඩලේ නතර වෙලා
සෙනෙහස් සුව විඳිමින්
ලස්සන පින්න මලේ
ඔබ සුවඳයි සෑම කලේ
මගෙ හද ගත්ත ළඳේ
ඔබ මගෙමයි සෑම දිනේ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar